දුමයි මමයි







වෙනස් විදියෙ දෙයක්....කවුරුත්ම හිතන්නෙ නැති විදියෙ දෙයක්.....මම ගොඩක් ආඩම්බර උනා මම ගැන....ඒත් ගොඩාක් ලැජ්ජා හිතුණා අද මට මං ගැනම....ඇත්තටම...

වැස්සට තෙමීගෙන අලවතුගොඩ හෝටලේකට ගොඩ උනේ පුරුද්දට දුම් වැටියක සුව විඳින්න...ඇඟ හොඳටම සීතල වෙලා....උවමනාවෙන් හිටියෙ මං ඉක්මන්ටම ටිකක් රත් වෙන්න....

ටිකක් රසවත් නැතුව ඇති අද මම ලියන විදිය....ඒ අද මම මේ ලියන්නෙ ඇත්තම හින්දද මන්දා...

සිගරට් එකත් පත්තු කරන් පිළිකන්න පැත්තට ගියපු වෙලාවෙ අවුරුදු 65 ක විතර ආච්චි කෙනෙක් හෝටල් කුස්සියේ එළවළු කපනවා...දුක හිතුණා ගොඩක්...අත පය වෙව්ලනවා..ඒ තියද්දිත් අමාරුවෙන් වැඩ කරනවා...

මේ ආච්චි අම්මටත් ලොකු වෙච්ච ළමයි ඇති...මේ අහිංසක අම්මට සළකන්ඩ උන්ට බැරි හැටි....දුම් රොදක් තාලෙට මුවඟින් පිට කරන ගමන් මං කල්පනා කරා...මෙච්චර සාරධර්ම ගැන උදේ හවා කියවන රටේ තමන්ගෙ අම්මට සළකන්ඩ බැරි ළමයි මොකට ජීවත් වෙනවද?මට හිතුණෙම ඒක...

මොහොතින් මට මයෙ අම්මව මතක් උනා...අපෙ අම්මත් දවසක මේ වගේ වයසට යයි...ඒ වෙද්දි මම නම් අම්මට රැජිණක්ට වගේ සළකනවා....මම එකම සිහින ලෝකෙක හිටිය මං ගැන උදම් වෙවී.....

ආයෙත් අර අහිංසක දුප්පත් මූණ බලන්න හිතුණ ඒ ඇසිල්ලට මට....ඇස් ඒ පැත්තට හරවද්දි ඒ මළානික ඇස් මං දිහා බලන් ඉන්නවා මට පෙනුණා...චීත්ත පොටෙන් ඒ අම්මා ඇස් පිහදනවා....කඳුළු පිරිලා ඒ ඇස් වල...කියා ගන්න බැරි තරම් දුකක් දැනුණා....මට රිදුණා ගොඩාක්...කරන්න බැරි වැඩ කන්දරාව දැකලා ඒ අම්මගෙ ඇස් අග්ගිස්සට කඳුළු ඇවිත්....

මං ඒ අම්මා දිහා බලන් ඉන්න විත්තිය තේරිලාද මන්දා....අමාරුවෙන් වත්තන් කරගත්ත අඩි පිය මනින්නෙ මං දිහාවට...

මං හීනෙන්වත් හිතුවෙ නැති දෙයක් සිද්ධ උනා...ඔයත් හිතන්න නැතුව ඇති....

"පුතේ"

"ඇයි ආත්තම්මෙ"

මොනවදෝ කියන්න අත්තම්මගෙ තොල් මහා ආයාසයක් ගන්නව...මට දැනුණා...ඔව් ගොඩක් අමාරුවෙන් ඒ ගැටගහගත්තු වචන ටික මට මැරෙනකම් අමතක නම් වෙන්නෙ නැති වෙයි..කවදාවත්ම..සමහරක් වෙලාවට මැරෙද්දිත් මතක් වෙයි....

"මගෙ පුතත් තරුණ කාලෙ පුතා වගේමයි රත්තරන්...ඔය කොණ්ඩෙමයි...ඇස් දෙකත් ඒකමයි පුතේ..."

මගෙ ඇස් වලටත් කඳුළු ආව..මට ලැජ්ජයි..මං වගේමලු පුතත්...ඒ තිරිසනා සළකන්නෙ නැති හැටි වැදුව අම්මට...මගෙ හිත අයෙ අයෙත් මට මතක් කරා..

"අනේ මගෙ කොල්ල මට කොච්චරක් ආදරෙන්ද හිටියෙ..."

ආයෙ කඳුළු පිහදනව...

මාත් අතරමං වෙලා...ඒ කියන්නෙ පුතා අකාලෙ මැරෙන්ඩවත් ඇති...මට හිතුණා...ඔව් ඔව් මං හරි...

"මගෙ පුතා නැති උනා මහත්තයෝ...අවුරුදු 32 යි...මට හිටිය එකම දරුව...මගෙ පණ..උටත් උගෙ පණ මම"

අත්තම්මා ඔහේ කියවනවා....

ඒත් හැම දේම එක පාරටම වෙනස්ම උණා...මගෙ ජීවිතේම වෙනස් උනා....

"අනේ මයෙ පුතේ..ඔය ජරාව බොන එක නවත්තපන් මහත්තයෝ....මගෙ දරුවත් මරාගත්ත ඔය ජරාව...ඕක නවත්තන්ඩ මහත්තයෙ....අකාලෙ මැරෙන්ඩ එපා...ඔය මහත්තයාගෙ අම්මටත් උහුළන්ඩ බැරි වෙයි දරුවො....මම තාම උදේ හවා විඳවනවා දරුවෝ..."

සිගරැට්ටුව බිමට ඇතෑරුණේ මං වත් දන්නෙ නැතුව...

මෙච්චරක් ඇති.....ඔව් මං ආයෙ සිගරට් බොන්නෙ නම් නෑ...

මට ඒ අත්තම්මගෙ ඇස් දෙක අස්සෙන් මයෙ රත්තරන් අම්මව පෙනුණා...අම්මට දුකක් දෙන්න මට බෑ.....

------සිමෙත් කවීජ--------

මගෙ සඳ මගෙ හිත බින්ඳා





කුළුඳුල් සිතින් පෙම් බැඳි පෙර ඈත දින
තවමත් මතක ඇත ඇගෙ සුන්දර මූණ
අහසක් උසට එක්කර දී ලොකු හීන
ආදරෙ වගක් කීවා ඈ මට බෝම

දවසින් දවස මගෙ සෙනෙහස් මල් පිපුණේ
මොහොතින් මොහොත ඈ මා ළඟමය රැඳුණේ
රහසින් මුලා කළ වග නම් නැත හැඟුණේ
දහසක් සිහින සුන්කර ඇය වෙනතක ඇදුණේ

නොකා නොබී බෝ කල් මම දුක් වින්දා
වෙන පෙම් හිතක නැවතී ඇය සුව වින්දා
මගෙ දුක කියා ඇගෙ ළඟ පෙරලී වැන්දා
ඔච්චම් සිනා මැද මගෙ සඳ මගෙ හිත බින්දා

එදයින් පසුව ඈ ළඟ වැඳ වැටුණෙ නැතී
කලකට පසුව ඇය ආගිය අතක් නැතී
පෙම් සුව සොයා වෙන අතකට යන්ට ඈතී
පැතුවෙමි සරණ හිමිවන්නට දෙවියන්ගෙ නිතී

අවුරුදු පහක් ගතවිය මා හට දැනුණෙ නැත
ලොකු කන්තෝරුවක මම උස් තනතුරේ ඇත
දවසක් වැඩක් කරගන්නට ආ කෙනෙක් දැක
සිත දිව ගිහින් සිහිවූවා පෙර පෙම් බැඳ රුව

මා දුටු විගස ඇය ලෙංගතු කම් පෑවා
ඇගෙ පෙම්බර සෙබළෙකි දුර වැඩ කීවා
මා මෙහි ඉන්න බැව් පෙර දන්නා බව කීවා
පෙර පෙම් කතා ඇය ඇස් දෙක මත ලීවා

තහනම් ගසක තහනම් සුව විඳගන්න
මට උවමනා නැත ඇය තුරුලට ගන්න
පෙර වේදනා අද සතුටට පෙරලෙන්න
හේතුව මුදල බව කරුණකි මම දන්න

මා ගැන හැඟුම් ඇත ඇගෙ වල්මත් සිතට
ඇගෙ පෙම්බරා දුක්වෙනු ඇත කළ පවට
මා බේරුණා පෙර කළ මා කළ පිනට
තනිවෙමි දමා මතකය ඇගෙ කුණු ගොඩට

අතැර ගිය පෙම්වන්තයාට




ඉස්සර දවසක ළඟට ඇවිත්
නළලත දෙතොලින් සුවඳ දෙමින්
පෙම් කළ නුඹමද මෙහෙම ඉතින්
වෙන් වෙන්නේ අද කඳුළු දෙමින්

දහසක් දෙනුවන් මදෙස බලා
ඔච්චම් පෑවා උන් හිනා වෙලා
එක් කළ හදවත් දෙපලු වෙලා
යන්න ගියා සඳ තරහ වෙලා

ගම්මානේ පිපි නෙළුම මමයි
කියා සැනසුවෙ ඔබම තමයි
නුඹෙ කරුමය මහ වදය මමයි
කියා කියන්නෙත් අද නුඹම තමයි

කොලොම්පුරේ ඉගිල්ලෙනා කිරිල්ලියක් ගාව
පරිස්සමට තියා ගන්න දුන්නද අපෙ සිහින
කරච්චලේ වැඩි හින්දලු අත් අරින්නෙ මාව
මගෙ සඳවත ආදරයක් නෑ කොහෙවත් මෙහෙම

මිස් කෝල් එක





අහම්බෙන් දවසක ආ මිස් කෝල් එක
දිවියම වෙනස් කෙරුවා මගෙ දඩබ්බර
මීපැණි කනට වක්කරනා මිහිරි හඬින්
හදවත කැලතුනා ඈ අමතන විලසින්

දවසක් දෙකක් ඈ හැමවිට කතා කළා
නම ගම ඇගේ වතගොත මට ලීක් කළා
සරසවි බිමේ පේරාදෙණියේ කිව්වා
තවමත් තනිකඩයි හිත ඕපන් බැව් දැනුණා

මව් බස පමණි මා හසුරන්නට දන්නේ
කඩ්ඩෙන් වනයි ඈ මා ගැන නෑ දන්නේ
ඇත්තම කියා ගැළවෙන්නට හිත කිව්වේ
චාටර් මගේ ස්ටෝරිය මම කිව්වේ

දවසට ගල් කාලක් කොහොමත් බොනවා
සිගරැට් හතර පහ නොදැනිම පිච්චෙනවා
පිච්චිය නැති විටක ගෙදරින් උස්සනවා
අම්මා අපේ කඩයප්පන් විකුණනවා

දව්සක් දෙකක් ඈ මුනිවත රැක්කා
වෙරිවූ වෙලාවක ඇගෙ නම තිරයේ දැක්කා
ඇදෙමින් පෑද්දෙමින් බොත්තම තාලෙට ඔබලා
ඈ කියු දෙයට අවසිහියෙන් ඉඩ දුන්නා

දෙපිටින් ගියා බිව් රහමෙර හිත සැනසූ
හදවත නටයි පුවතින් ඇය මට පැවසූ
ඇගෙ හිත මටලු මගෙ හදවත පිරිසිදුලූ
ඇත්තම කිව්ව ඈ මට හරි මනාපලූ

හඩු ගඳ ගැසූ මං දැන් හරියට වෙනස් වෙලා
ඇගෙ සල්ලියෙන් මා බිස්නස් එකකට බැහැලා
රහමෙර බීම දුම්වැටියට තිත තියලා
කොල්ලා එළ උනත් නෑ තව ඇය මීට් වෙලා

දවසක් ගියා මගෙ සුරඟන හමු වන්න
පළලට සමය උස ඈ කලු පිටි මුට්ටක් වැන්න
ලස්සන මොටද හිත සැනසුම මට දුන්න
ඇය හට දුනිමි හිත සදහට රැක ගන්න

ලස්සන මුහුණ කන්නද බන් බිඳුවක් හිතපන්
ගුණ දම් සපිරි කෙල්ලෙක් මතු දවසක බැඳපන්
ලස්සන උඹෙ කෙල්ල ගුණ දහමට හුරු කරපන්
බැරි නම් ඉතින් ඒ ගිණි ගොඩ අමතක කරපන්

අහගන්න මගෙ කතාව










මේ කතාව කියන්නට කලියෙන් මා ඔබෙන් එක පැනයක් අසන්නට කැමැත්තෙමි...අම්මා තාත්තට වැඩියෙන් පෙම්වතා පෙම්වතිය වටිනවද?ඔව් මම දන්නවා උත්තරේ....ඒ දෙගොල්ලම වටිනවා එක සමානවම....ඔයා එහෙම කියයි...ඒත් මගේ කතාවත් ටිකක් අහගන්න.....

ඔයා මාව දන්නෙවත් දැකලවත් නැතුව ඇති...අඳුනන අයත් ඇති...ඒත් හැමෝම මාව අඳුන ගන්න..මම නිශානි සන්දූපමා...දැන් මගෙ වයස විසි දෙකයි..මම ගොඩාක් ලස්සනයි කියල අපෙ අම්මා හැමදාම ආඩම්බර උනා මට තාම මතකයි..ඔව් මමත් ආඩම්බර උනේ නැතුවමත් නෙමෙයි..ඒත් ඒ ලස්සනට සත්තමයි අද මම වෛර කරනවා..

අපෙ අම්මා ගුරුවරියක්..තාත්තා රජයේ බැංකුවක කළමණාකරුවෙක්..මම ජංගම දුරකතන පාවිච්චි කරනවාට ගෙදරින් කිසිම කැමැත්තක් තිබුණෙ නෑ..ෆේස් බුක් වලට නම් ගොඩාක්ම විරුද්ධ උනා...ඒත් මම ඒ කිසිම දෙයක් ඇහුවෙම නෑ..අහන්න ඕනෑ කමක් තිබුණෙත් නෑ..ඒත් ඒ දේවල් ඇහුව නම් මට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...මම දවන්නවාඅ ආයෙත් ඒ වැරදි හදාගන්න නම් බෑ...

මම අද ආයෙම මගේම ගෙදරට ආවෙ මාස අටකට පස්සෙ...මේ ලියුම මම ලියන්නෙ මට පුරුදු මගේම කාමරයේ ඉඳගෙන.හරි ඉක්මන්ට ඉස්සර කාලෙ මතකෙට එනවා...ඒත් ඒ හැම දේම හීන විතරමයි....

අහගන්න මගෙ කතාව..කියන්න හිතන්න මට වැරදුනේ කොතැනද??.

එයා ටිලාන්...ටිලාන් කාවින්ද...ඒ මගෙ පෙම්වතාද එහෙමත් නැත්තම් මගෙ සැමියද කියන්න මම දන්නෙ නෑ..ඒත් ඒ මගෙ දරුවගෙ තාත්තා...එයාගෙයි මගෙයි හමුවීම සිදු උනේ ෆේස් බුක් එකෙන්...ඒ උනාට එයා ගැන මම කලින් ඉඳන් අහල නම් තිබුණා....අපෙ කෙල්ලන්ගෙ හිත් වල හිටිය සිහින කුමාරයා ටිලාන්....මමත් හරි ආසාවෙන් හිටියෙ කවදාම හරි දවසක එයා එක්ක කතා කරන්න..අඩුම තරමින් හිනා වෙන්නවත්...අගනුවර ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක පාපන්දු කණ්ඩායමේ නායකයා මගෙ ටිලාන්..එයාගෙ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්...කිසිම දේකින් ටිලාන්ට අඩුවක් පාඩුවක් තිබුණෙම නෑ...ෆේස් බුක් එකෙන් අපි දෙන්නා ටිකින් ටික ළං උණා...ඇත්තටම එයාටත් වඩා උවමනාවක් මට තිබුණා...මට ඕන උනේ හැමෝටම කෑ ගහල කියන්න ටිලාන් මගෙ පෙම්වතා විත්තිය...ගෙදරට යාලුවන්ට හොරෙන් අපි ගොඩාක් ආදරය කළා..කොටින්ම කිව්වොත් ලෝකෙටම හොරෙන්...ඒත් ටික කාලයක් ගතවෙද්දි අපෙ අම්මට තාත්තට ටිලාන් ගැන ආරංචි වෙලා තිබුණා..අපෙ ගෙදරින් හුඟාක්ම විරුද්ධ උනා..අනේ මන්දා දෙයියනේ ඒ ඇයි කියල මට තේරුණේ නෑ...ටිලාන් කොච්චර නම් වටින කොල්ලෙක්ද?

"ඕකා සල්ලාලයා...ගෑණු පෙරේතයා"....අපෙ තාත්තා කිව්වෙ එහෙමයි...තාත්තගෙ යාළුවෙක්ගෙ දුවක් ටිලාන් හින්දා අමාරුවේ වැටුණලු...ඒත් මගෙ ටිලාන් කොච්චර නම් අහිංසකයෙක්ද....අඩුම තරමෙ වෙන කෙල්ලෙක් දිහා හැරිලා වත් බැලුවෙ නෑ...මම හිතුවෙම අම්මයි තාත්තයි ඉරිසියාවට කියන කතා කියලයි...

හරියට සිත්තමක් වගෙයි...ඒ හැම සිද්ධියක්ම මට මැවිලා පේනවා...ඒත් ඒ කිසි දෙයක් ආයෙම හරිගස්සන්න කාටවත්ම බෑ..දෙයියනේ ඇයි මං මෙච්චර මෝඩ උනේ....????

අපෙ ගෙදරින් එන්න එන්නම අපෙ ආදරයට කරන බලපෑම් වැඩිවුනා..මගෙ ලෝකෙම තිබුණෙ ටිලාන් ළඟ පරිස්සමට තියලා...ඒ ඇස් අස්සෙන් මම හැමදාම මගෙ අනාගතේ දැක්කා...කිසිම සැකයක් තිබුණෙම නෑ....මම ඒ තරමට ආදරෙන් අන්ධ වෙලා හිටියෙ...

හැමදේම වෙන්න පටන් ගත්තෙ එයාගෙ එක යෝජනාවකට පස්සෙ....

"නිශූ අපි පැනලා ගිහින් කසාද බඳිමු පැටියෝ"

ඇත්තටම ඒ වචන වල කොච්චර නම් ආදරයක් තිබුණද?අනේ මන්දා ඒත් ඒ මායාවක්....

රත්තරන් පාට හැන්දෑවක මගෙ හීන ඔක්කොමත් අරගෙන අපි දෙන්නා ගාලු ගියා...මට කිසිම අරමුණක් තිබුණෙ නෑ...ඒත් හැම බලාපොරොත්තුවක්ම ටිලාන්ට මම ලියලා දීල තිබුණා....උතුරලා යන තරමටම මම ආදරය කළා...අපි නතර උනේ ටිලාන්ගෙ මාම කෙනෙක්ගෙ ගෙදරක...ඒ මාම මම දිහා මුලින්ම බැලුව විදිය ....ඒ ඇස් වල තිබුණෙ මං ගැන අනුකම්පාවක්...මොනවදෝ කියන්න එයා හැමවෙලේම ලෑස්ති උනා...ඒත් මට ඒ දේ දැණුනෙම නෑ....

ටිලාන් දවස් තුනක් මාත් එක්ක හිටියා...හදිසි වැඩකට කොළඹට ගියා...ඒ වෙද්දි මට පිටස්තර ලෝකෙ වෙන කාත් එක්කවත් සම්බන්ධතාවයක් තිබුණෙ නෑ...අම්මව මතක් උනා ගොඩාරියක්ම මගෙ අම්මෙ...ඒත් මට ඔයාට වඩා ඒ වෙද්දිත් ටිලාන්ව වටිනවා...ටිලාන් ආයෙම මාසෙකට පස්සෙ මං ළඟට ආවා.ඒ වෙද්දි මගෙ ගාව එයාගෙයි මගෙයි පුංචි පැටිය වැඩෙමින් හිටියෙ.....ඒත් ආයෙම එයා සතියකින් යන්න ගියා...ඒ වෙද්දි ටිලාන්ගෙ මාමා මට ටිලාන් ගැන ගොඩාක් නරක දේවල් කියලයි තිබුණේ...ඒත් මට ටිලාන්ව අවිශ්වාස උනේම නෑ...ඒ තරමටම එයා මාව රවට්ටලා...එදා යද්දි ටිලාන් කිව්වෙ තාත්තවත් කැමති කරන් ඇවිත් කසාද බඳිනවයි කියලා....ඒ ගියා ගියාමයි..මගෙ ආදරේ ආයෙම මට දකින්නවත් බැරි උණා.....කොච්චරනම් බලන් හිටියත් එයා ආවෙම නෑ...ඒත් ආදරේ පිරුණු මගෙ ඇස් හැමදාම බලන් හිටියෙ එයා එනකන්....අදට මාස අටක්ම ගතවෙලා...අද උදේ පාන්දරින්ම මම ආයෙම කොළඹ ආවෙ මගෙ ටිලාන්ව හොයාගෙන..අර අසරණ මනුස්සයා මට කොච්චර ආදරෙන් දරුවෙක්ට වගේ සැළකුවත් මට තවත් එයා ගාවම ඉන්න බෑ.ටිලාන්ට මොකක් නම් වෙන්න ඇත්ද..අද උදේ වෙද්දිත් මම ටිලාන්ව පණ තරම්ම විශ්වාස කළා...ඇත්තටම මම කොයි තරම් නම් මෝඩයිද?

කොළඹට ආව ගමන්ම මම ටිලාන්ගෙ යාළුවෙක්ව මුණ ගැහුණා....ඒ එයා කිව්ව වචන ටික මම ලෝකෙ ඇහුව අමිහිරිම වචන ටික...මගෙ ටිලාන් මීට මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ව ජයටම මඟුල් අරගෙන විවාහ කරගෙන තිබුණා...මම කොච්චර නම් රැවටුණාද අපෙ අම්මයි තාත්තයි කොච්චර නම් ආදරේ කළාද මට තේරුණේ එතකොටයි...

එක හුස්මට ගෙදර ආවෙ මම මීට පැය දෙකකට කළින්...හැමදාම වගේ කුස්සිය පිටි පස්සෙ මල් පෝච්චිය අස්සෙ යතුර තිබුණා...අම්මයි තාත්තයි වැඩට ගිහින් ඇති...මගෙ රත්තරන් අම්මයි තාත්තයි ආව ගමන් කකුල් දෙක අල්ලලා සමාව ගන්නකම් මට පුදුම හදිස්සියක්...කොච්චර කරත් ඒ දෙන්නා මාව තේරුම් ගනියි කියල මට හිතුණා...මේ ලිපිය ලියන්න විනාඩි දහයකට කලියෙන් මම දැක්ක දෙයින් මම මගෙ තීරණය වෙනස කර ගත්තා...අවසාන වතාවට....

මගෙ රත්තරන් අම්මගෙ පින්තූරයකට සුදු මල් මාලයක් වැටිලා...මගෙ අම්මා මගෙන් යන්නම යන්න ගිහින් ආයෙ නො එන්නටම...අම්මා හැම තත්පරයකම මාව මතක් කරන්න ඇති...හැම තැනකම මාව හොයන්න ඇති...ඒ දුකටම මියදෙන්න ඇති....

ආදරයෙ නාමයෙන් මම අම්මවත් මරාගෙන....

ඒ දැක්ක දෙයින් පස්සෙ මට මේ ලෝකෙ ජීවත් වෙන්න තිබුණ පුංචිම ආසාවත් නැති වෙලා ගියා....

මේ මාගේ කතාවයි...සම්පූර්ණ වැරැද්ද මවිසින් මටම පවරා ගනිමි...නමුදු නැවත ජීවත් වීමට තාත්තාට මූණ දීමට තරම් ආත්ම ශක්තියක් මා තුල තවත් නැත...මේ ලිපිය කියවන මොහොතේ මා ඔබේ ලොව අතහැර අවසන්ය...මගේ අවසන් ප්‍රාර්ථනය

එහා ලොවේදීවත් මට මගෙ අම්මව මුණ නොගැසේවා..එයාව බලන්න තරම් මට හයියක් නෑ....

ඇත්තටම වැඩිය වටින්නෙ අම්මා තාත්තා මිසක් වෙන යම් දෙයක්ද????

ඉතින් මම ඔබෙන් සමුගනිමි....නූපන් මගේ දරු පැටියාත් මා සමඟම මියෙනු ඇත...

ප.ලි :ටිලාන් ඔයා මේ ලිපිය කියවනවනම්....කියන්න ඇයි මගෙ ආදරෙ වැඩි උනාද???::::::::::::::::::::::::

:මෙය සම්පූර්ණ වශයෙන් ගොතන ලද්දකි..සත්‍ය සිදුවීමක් නොවේ..::::සිමෙත් කවීජ::::::::

තිසුරි යුවනිකා ට ආදරයෙන්




තිසුරි යුවනිකා ට ආදරයෙන් ලියමි . tongue emoticon (හෙනම ලව් එකෙන් )

grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon

ආදර සිහින යාකර එක හිතක් වෙත
පාකර යවමි පෙම කැටිකොට මාගෙ හිත
සෙව්වෙමි එලෙස සිතමින් හද ගත්ත කත
ටෙලියක දිටිමි හද සනහන ඇගේ ගත

මාගෙම හැඟුම් ගැන ඇත්තට තව මට පුදුමයි
නොලැබෙන කෙනෙක් ගැන හිත හරියට විමසයි
මොනවා කරන්නද ආදරයක හැටි එහෙමයි
විටකදි රළුයි දැන් නම් එය මට බොළඳයි

දන්නා කෙනෙක් නම් හැක ඇය හමුවෙන්න
මාගේ සෙනෙහෙ ඇය හමුවේ පවසන්න
මැය ගැන දන්න අය නැහැ මම දන්න
අසරණ උනෙමි පෙම බෑ මගෙ නවතන්න

හොඳ හැටි සිතා අරගත්තෙමි තීරණය
බුකිගත කරමි මා සිත ඇති ආදරය
දුටුවොත් එහෙම මේ ආදර කවි කොළය
දුටුවා කියාවත් කිව්වොත් මට ඒ ඇතිය

සංකර ගතිය හුරු කරගත් දහක් මැද
ගම්බද සිරිය දිදුළන්නේ නුඹෙන් සඳ
චාමෙට නියම තාලෙට ඉන්න ළඳ
හිනැහේ නුවන් දෙපසට ලස්සනට ඇද

හිත ගත් ළඳේ නුඹ ඉන්නේ සඳළු තලේ
යහමින් කාසි නැත මා නම් තව ඉන්නෙ වලේ
හිත හොඳ ගතිය ඇතිනම් මා පතන මලේ
යන්නට එන්න දුර ගමනක් සෙනේ විලේ

කුමරෙක් එහෙම ඔය හිත අරගෙන ඇද්ද?
කහටක් නැතුව වෙන්වෙමි එහෙනම් නෑ සද්ද
තනිකඩ හිතක් නම් තව මා රිද්දනු මොකද?
කැමැතියි කියා මට බහ දෙන්නට බැරිද?

මා ගැන ඕනැ නම් හොඳටම දැන ගන්න
දුරකතනෙන් හැකිය ඔබ හට මා අමතන්න
අහිතක් හිතයි නම් මොකවත් නොකියා ඉන්න
කවි පද දුටුව බව විතරක් මට පවසන්න

තිසරණ සරණ පතනෙමි මගෙ තුන් සිත සෑම දිනේ
සුන්දර ඔයා ගැන හරියට හිත මගේ සසල උනේ
රිද්දන හිතක් නැතිනම් හිනැහෙන්නට දෙන්න සෙනේ
කවියේ පේළි තුන මුලකුරු පහළට කියවන්න අනේ