එක දවසක් ඔයා ඇවිත් මගෙ හිත ඉල්ලුවම මං ඒක හිතෙන් ඇහුව...ඔයාව බලාගන්න මෙන්න එක්කෙනෙක් ඉල්ලනව.හිත නම් එච්චරටම කැමති උනේ නෑ...මගෙ අහිංසක හිත හොඳටම කළබල වෙලා...එයාට බයයිලු එයාව පරිස්සම් කරන්නෙ නැති වෙයි කියල...ඒත් මම ඔයාට හිත දුන්නා...හිතට ටිකක් දුක හිතෙන්න ඇති ඔයාට එයාව දුන්නාම...ඒත් මං රළුවට පාවිච්චි කරපු හිත ඔයා හුඟාක් හුරතල් කළා..හිතටත් හරිම සතුටුයි...හැම දාම ඔයා ගාවම ඉන්නමයි හිත ලෑස්ති උනේ...මං මගෙ හිතට සැළකුවාට වඩා ගොඩාක් ආදරෙන් ඔයා මගෙ හිතට සැළකුවා..කොයි වෙලාවෙ බැලුවත් මගෙ හිතත් එක්කමයි...දාංගලේ...හිත හරිම සතුටින්...ඉතින් මාත් හරි සතුටින්....
ඒත් හදිස්සියේම දවසක ඔයා ඇවිත් මගෙ හිත ආයෙමත් මට දීලා යන්ඩ ගියා...මං කිව්වෙ නැති උනාට මම දැක්ක තව වෙන කාගෙද හිතක් ඔයා ගාව හොරෙන් තියන් ඉන්නව...ඒත් මං නොදැක්ක වගේ හිටිය..
එදා ඉඳන් හිත මාත් එක්කත් තරහ වෙලා..."ඔයා තමයි එයාට මාව දුන්නෙ" මට හොඳටම බැණුම්..ඒ මදිවට ඔයාවම හිතට ඕනලු..මං කියන කිසි දෙයක් අහන්නෙම නෑ...ආයෙ පුරුදු රළු පරළු විදියට හැදෙන්ඩ හිතට කිසිම උවමනාවක් නෑ..හැම තත්පරේකම හිත ඔයා ගැනමයි කියවන්නෙ...
මං බොහොම අමාරුවෙන් හිතට ඔයාව අමතක කරා..මං එයාට අලුත් යාළුවෙක්ව අඳුන්නලා දුන්නා...ඒත් එයාට හිටපු ගමන් ඔයාව ගොඩාක් මතක් වෙනවලු...ඔයා ගැන කියවනව නවත්තන්නෙම නැතුව එක පාරටම...
ලඟදි දවසක නම් හිත මගෙන් ඇහුව දේකට මට දෙන්න උත්තරයක් හිතා ගන්නවත් බැරි උනා..
"ඉස්සර ආදරවන්තයා කිව්ව ඔයාට ඇයි දැන් මිනිස්සු බේබද්දා කියන්නෙ?ඒ මං හින්ද්ද?"
නෑ නෑ ඒ එයා හින්දා........
----සිමෙත් කවීජ----
http://www.machan.io/
https://www.facebook.com/machanradio
0 Komentar