අචලා




ගොම්මන් වෙලාවක නිවසට මගෙ යා ගන්න
නැවතුමකට ආවෙමි බසයට ගොඩ වෙන්න
කවුරුත් නොමැත තනිකම නැතිකර ගන්න
වට පිට බලා සෙව්වෙමි කිසිවෙක් හෝ දන්න

නැවතුම කෙලවරක කවුරුන් හෝ ඉන්නේ
ලස්සන යුවතියක බැව් ඇස් නම් අඳුරන්නේ
කෙල්ලෙක් පතන හිත ඈ ගැන විමසන්නේ
හෙමිහිට ළං උනෙමි මින් පෙර නෑ ඇය දන්නේ

යන්තම් හිනැහුණා ඇය දෙස හොරැහින් බලමින්
ඇය මට ඔරවලා හනිකට ගියෙ යන්නට එතැනින්
නැත අඩුවුණේ දයිරිය මගෙ පෙම්වන්ත සිතින්
ඈ යන මඟම ඇදුණෙමි මම ඇගෙ පස්සෙන්

සෙව්වෙමි ඇගේ විස්තර සැමගෙන් අහලා
ගම පිටිසරය පෙම්බර ඇගෙ නම අචලා
කිව්වෙමි මිතුරෙකුට ඇගෙ තොරතුරු ගොතලා
දෙන්නම් කීවා සවියක් ඔහු මට බර යොදලා

මිතුරා සමඟ මා යනවා දැන් ඇගෙ පස්සෙන්
වෙනදට වැඩිය ඈ ඇත දැන් විමසිල්ලෙන්
ඇගෙ චේතනා මා ගැන යන සිතුවිල්ලෙන්
මා සැනසුනෙමි ඒ දිනවල රෑ සිහිනෙන්

මිතුරා කියයි හරි ලස්සන බැව් මගෙ අචලා
දැන් මගෙ ලෝකයේ සුන්දර පෙම් මල් පිපිලා
ඇගෙ හිත ගන්ට ගැළපෙන නැකතක් බලලා
ලියුමක් දෙන්න හිතුවෙමි කකියන පෙම කියලා

ලිව්වා ලියමනේ ඇස් දෙක මගෙ සුදු අචලා
මිතුරා ගියා දෙන්නට පෙම් පත ඈ සොයලා
සිනහව පිරි මුවින් ගත්තත් පෙම් පත ඉල්ලා
නැත පිළිතුරත් තවමත් ඇගෙ හිත මට කියලා

සතියක් ගෙවුණි තැන දවසක හිමිදිරි උදයේ
පිළිතුරු ලිපිය ඇගෙ අත රැඳිලා තිබුණේ
උතුරන සෙනෙහසින් ලියමන කියවා බැලුවේ
ඇගෙ හිත මා මිතුරට බැව් එහි ලියැවී තිබුණේ
Previous
Next Post »
0 Komentar