ජෙල් කේස් එක




දෙදහස් හයේ මුල් මාසේ උඹලට මතකද මන්දා
අලුතෙන් ආව පාසල මුලදී හුරු නෑ වගෙ හන්දා
ටික ටික කාලෙ ගෙවුණා ජීවිතයම එහෙ රන්දා
මතකද මතකයන් අපි ජීවිතයම පාසලෙ වින්ඳා

රහසක් කියමි කවුරුත් හෙම වැඩියෙන් නොම දන්න
පන්තිය දහය ඪ් තව අය DK MB සමඟින් මම උන්න
ලස්සන සුදු මැඩම් මතකද කඩ්ඩෙන් තියරිය දුන්න
සිදු උන දෙය කියමි හරියට දැන් අහගෙන ඉන්න

කොන්ඩයෙ ගාන ජෙල් පැකැට්ටුව කවුරුත් දන්න
MB අත තිබුණි රැකගෙන මතුවට ඔලුවේ ගා ගන්න
කැඩුවෙමි මම අතට ගෙන එය නිකමෙට වගෙ ගා ගන්න
ඪ්ඛ් උඹට මතකද නැත්තන් ආයෙම දැන් මතකෙට ගන්න

ජෙල් වල සුවඳ පන්තියෙ හැමතැන පැතිර ගියා
කරුමෙට මැඩම්ටත් ඒ සුවඳම දැනුණා
විපරම් කළා ඇය හැමතැන වරද සොයා
හිස් උන පැකැට්ටුව ඩීකෙගෙ සුරතින් පන්තිය අතැර ගියා

සොයා හැම තැන බැරිම උන තැන කරමි හොඳ දෙය කියා
පන්තියේ අපි හැම දෙනා මතකද බොසා වෙත අරගෙන ගියා
කරන්නට කිසි දෙයක් නැත මට වරද පිලිගෙන ගුටි කමි කියා
දුකින් මුත් දැන් මක් කරන්නද මම මැඩම් හමුවට ගියා

සමා වුව මැන ගුරුතුමී නොදැන වරදක් සිදු උණේ
ජෙල් පැකැට්ටුව මයෙ අතින් කැඩී සුවඳක් මතු උනේ
අනිත් උන් පලි නෑ ඉතින් උන්ට යන්නට දෙනු මැනේ
වැරැදිකරු මෙමා දඬුවමක් දෙනු මට ඉතින් අයෙ කම් නැතේ

හීනයක් දෝ වෙන්න යන්නේ දෑස අදහනු බැරි උනා
මැඩම් කී කතාවට අනේ මගෙ මුව ගොළු උනා
කවීජ පුත දනිමි මා නුඹ රකියි පන්තිය බොරු කියා
නොකළ වරද පිලි අරන් අද අනිත් අය ගැන හිතා

හිතාගන්නට බැහැ තවත් මට කුමක්දෝ මේ අරුමය
සැමට අදහා ගන්න බෑ අප නිදොස් කළ ඒ මහ පුදුමය
සතුටු වෙම්දෝ කඳුළු දෙම්දෝ මොකක්දෝ මේ කරුමය
සිතුණි මා හට මෙමා ගැන දුක මමත් ඇත්තට නරුමය

කතා නම් මහ ගොඩක් පිරිලා වෙච්ච දේවල් පාසලේ
මතු දිනක ආයෙ හමුවෙලා බෙදා ගමු මේ විස්තරේ
ගෙවූ සුන්දර පුංචි කාලය මතකයට එන හැම වෙලේ
අනේ සත්තයි කඳුළු එනවා ඉන්න ඇත්නම් තව පාසලේ
Previous
Next Post »
0 Komentar