පොඩිම පොඩි සිද්ධියක්..වැස්ස හින්දද මන්ද මට මතක් උනා..ඔයත් මේක කියවයි..මොකක් නම් හිතෙයිද මන්ද...ඉස්සර නම් ඔය හිත මයෙ උන දවස් වල මං හිතම කියෙව්ව...ඒත් දැන් වෙන කාගෙදොලුනෙ..මොනව හිතෙයිද කියන්න මං දන්නෙ නෑ ඔයාට....
පන්තිය ඉවරවෙලා ඔයා එක්ක කුඩේ යටින් යන්ඩ දවසක් මං කුඩයක් නැතුවම ආව පන්තිය ගාවට...කුඩේ යටින් යද්දි මුදු උරහිසේ අත පොඩ්ඩක් වද්දන්ඩ උනත් කොච්චරක් නම් ආසාවෙන්ද මං තෙමි තෙමි ආවෙ...
"අනේ මගෙ සුදු අයියා හොඳටම තෙමිලා...අයියා පව්....තාලෙට ඇදල මං දිහා ආදරෙන් බලන් ඔයා කිව්ව හැටි නිකන් අද ඊයෙ වගේ මට තාම හොඳට මතකයි..ඔයාටත් ලාවට වගේවත් මතක ඇති...ඇසිල්ලට සුදු මූණ රතු උන හෑටි....
"මං කියල තියෙනව නේද මෝඩයෝ වැස්සට කුඩයක් අරන් එන්ඩ කියල....එහෙම දෙයක් වත් අහන් නෑ..දැන් ඉතින් ලෙඩ වෙනවකො තෙමිල...එනව මෙන්න මෙහෙ....."
ඇත්තට ඒ කතාවෙ මං ගැන කොච්චරක් නම් අනුකම්පාව ආදරයක් තියෙන්ඩ ඇත්ද?එදා නම් හිතුණෙ මං කොච්චරක් වාසනාවන්තද කියල...ඒත් මං කොච්චරක් නම් අවාසනාවන්තද?
හිටි හැටියෙ ඔයා මාව දාල යන්න ගියපු හැටි...අඩුම තරමෙ හේතුවක් වත් කිව්වද?
ඊට පස්සෙ මං දවස් කීයක් නම් තෙමීගෙන ඔයාගෙ පස්සෙන් ආවද?වැස්ස හින්ද මගෙ කඳුළු ඔයාට පේන්ඩ නැතුව ඇති...මං හිතුවෙම ඔයා ආයෙත් කුඩේ අරන් දූවලා ඇවිත් මෝඩයෝ තෙමෙන්ඩ හොඳ නෑ.ලෙඩ වෙයි කියල කියයි කියලයි...ඒත් එහෙම උනේ නැති හැටි...වැස්සෙ තෙමීගෙනම මං ගෙදර ගියා...
අද ආයෙත් වැස්සට මට ඒ සිද්ධිය මතක් උනා....
ඔයාට නම් මතක් වෙනවද ?අනේ මන්දා?
බාගෙ විටක ඒ එදා වැහැපු වැස්සටම මගෙ මතකෙත් ඔයාගෙ හිතෙන් හෝදන් යන්ඩ ඇති....
ඔයාට නම් මතක් වෙනවද ?අනේ මන්දා?
බාගෙ විටක ඒ එදා වැහැපු වැස්සටම මගෙ මතකෙත් ඔයාගෙ හිතෙන් හෝදන් යන්ඩ ඇති....
"සොඳුර ඔය සුවඳ ළඟ
ඉන්න ඇයි තහංචිය මට
පෙම් බැන්ද පෙර දිනේ
උන්නු හැටි අමතකද අද
ඈත යන්නට මෙහෙම
මයෙ වැරදි කියනවද?
ඒත් බැරි නම් යන්න
සුදු මැණික.....
නිකමෙට අයෙත් ඇවිත් යනවද
එකම එක දවසක
වැස්සත් අරගෙනම
ආසයි එක වරක්
යන්න එකම කුඩයක් යට"
ඉන්න ඇයි තහංචිය මට
පෙම් බැන්ද පෙර දිනේ
උන්නු හැටි අමතකද අද
ඈත යන්නට මෙහෙම
මයෙ වැරදි කියනවද?
ඒත් බැරි නම් යන්න
සුදු මැණික.....
නිකමෙට අයෙත් ඇවිත් යනවද
එකම එක දවසක
වැස්සත් අරගෙනම
ආසයි එක වරක්
යන්න එකම කුඩයක් යට"
0 Komentar