අතැර ගිය පෙම්වන්තයාට




ඉස්සර දවසක ළඟට ඇවිත්
නළලත දෙතොලින් සුවඳ දෙමින්
පෙම් කළ නුඹමද මෙහෙම ඉතින්
වෙන් වෙන්නේ අද කඳුළු දෙමින්

දහසක් දෙනුවන් මදෙස බලා
ඔච්චම් පෑවා උන් හිනා වෙලා
එක් කළ හදවත් දෙපලු වෙලා
යන්න ගියා සඳ තරහ වෙලා

ගම්මානේ පිපි නෙළුම මමයි
කියා සැනසුවෙ ඔබම තමයි
නුඹෙ කරුමය මහ වදය මමයි
කියා කියන්නෙත් අද නුඹම තමයි

කොලොම්පුරේ ඉගිල්ලෙනා කිරිල්ලියක් ගාව
පරිස්සමට තියා ගන්න දුන්නද අපෙ සිහින
කරච්චලේ වැඩි හින්දලු අත් අරින්නෙ මාව
මගෙ සඳවත ආදරයක් නෑ කොහෙවත් මෙහෙම
Previous
Next Post »
0 Komentar