ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා



මේ සිංදුව අහනකොට ගොඩක් සංව්දී වෙනව. මේ සිංදුවෙ ඉන්නෙ මගෙ අම්ම...
මං වෙනුවෙන් අම්ම මොනවද නොකෙරුවෙ.. තාමත් එහෙමයි.. වචනයෙන් වචනෙ තේරුම දාන්න බෑ.. ඒත් මේ හැම වචනෙකම මගේ අම්ම ඉන්නව... ප්‍රාර්ථනා කරනව අම්මට දීරඝායුෂ..... මගේ අයුෂත් අරන්....
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ
ගමට කලින් හිරු....
වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා
ගමට කලින් හිරු....
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
අද මගෙ උපන්දිනේ . ඉතින් උදේම මට අම්මව මතක් වුනා... ඒත් පොස්ට් එකක් දන්න වෙලාවක් තිබුනෙ නෑ. ඒත පරක්කු වෙලා හරි දාන්න හිතුව.. අම්ම තමයි මට ජීවිතය දුන්නෙ අද වගේ දවසක.. අම්ම සතුටුම උන දවස...

වචන එකතු කළේ රසික ඉඳුනිල්

මේ සිංදුව කොච්චරක් නම් රසිකට සමීපද කියල රසිකගෙ වචන වලින්ම දැනෙනවා ඇති මචං ඔයාලටත්....දැනෙන හැඟෙන විදියට ඔයත් අපිට එවන්න සිංදුවක් ඔයාට දැනුණෙ කොහොමද කියන එක...https://www.facebook.com/rasika.idunil?fref=nf

Previous
Next Post »
0 Komentar