දුමයි මමයි







වෙනස් විදියෙ දෙයක්....කවුරුත්ම හිතන්නෙ නැති විදියෙ දෙයක්.....මම ගොඩක් ආඩම්බර උනා මම ගැන....ඒත් ගොඩාක් ලැජ්ජා හිතුණා අද මට මං ගැනම....ඇත්තටම...

වැස්සට තෙමීගෙන අලවතුගොඩ හෝටලේකට ගොඩ උනේ පුරුද්දට දුම් වැටියක සුව විඳින්න...ඇඟ හොඳටම සීතල වෙලා....උවමනාවෙන් හිටියෙ මං ඉක්මන්ටම ටිකක් රත් වෙන්න....

ටිකක් රසවත් නැතුව ඇති අද මම ලියන විදිය....ඒ අද මම මේ ලියන්නෙ ඇත්තම හින්දද මන්දා...

සිගරට් එකත් පත්තු කරන් පිළිකන්න පැත්තට ගියපු වෙලාවෙ අවුරුදු 65 ක විතර ආච්චි කෙනෙක් හෝටල් කුස්සියේ එළවළු කපනවා...දුක හිතුණා ගොඩක්...අත පය වෙව්ලනවා..ඒ තියද්දිත් අමාරුවෙන් වැඩ කරනවා...

මේ ආච්චි අම්මටත් ලොකු වෙච්ච ළමයි ඇති...මේ අහිංසක අම්මට සළකන්ඩ උන්ට බැරි හැටි....දුම් රොදක් තාලෙට මුවඟින් පිට කරන ගමන් මං කල්පනා කරා...මෙච්චර සාරධර්ම ගැන උදේ හවා කියවන රටේ තමන්ගෙ අම්මට සළකන්ඩ බැරි ළමයි මොකට ජීවත් වෙනවද?මට හිතුණෙම ඒක...

මොහොතින් මට මයෙ අම්මව මතක් උනා...අපෙ අම්මත් දවසක මේ වගේ වයසට යයි...ඒ වෙද්දි මම නම් අම්මට රැජිණක්ට වගේ සළකනවා....මම එකම සිහින ලෝකෙක හිටිය මං ගැන උදම් වෙවී.....

ආයෙත් අර අහිංසක දුප්පත් මූණ බලන්න හිතුණ ඒ ඇසිල්ලට මට....ඇස් ඒ පැත්තට හරවද්දි ඒ මළානික ඇස් මං දිහා බලන් ඉන්නවා මට පෙනුණා...චීත්ත පොටෙන් ඒ අම්මා ඇස් පිහදනවා....කඳුළු පිරිලා ඒ ඇස් වල...කියා ගන්න බැරි තරම් දුකක් දැනුණා....මට රිදුණා ගොඩාක්...කරන්න බැරි වැඩ කන්දරාව දැකලා ඒ අම්මගෙ ඇස් අග්ගිස්සට කඳුළු ඇවිත්....

මං ඒ අම්මා දිහා බලන් ඉන්න විත්තිය තේරිලාද මන්දා....අමාරුවෙන් වත්තන් කරගත්ත අඩි පිය මනින්නෙ මං දිහාවට...

මං හීනෙන්වත් හිතුවෙ නැති දෙයක් සිද්ධ උනා...ඔයත් හිතන්න නැතුව ඇති....

"පුතේ"

"ඇයි ආත්තම්මෙ"

මොනවදෝ කියන්න අත්තම්මගෙ තොල් මහා ආයාසයක් ගන්නව...මට දැනුණා...ඔව් ගොඩක් අමාරුවෙන් ඒ ගැටගහගත්තු වචන ටික මට මැරෙනකම් අමතක නම් වෙන්නෙ නැති වෙයි..කවදාවත්ම..සමහරක් වෙලාවට මැරෙද්දිත් මතක් වෙයි....

"මගෙ පුතත් තරුණ කාලෙ පුතා වගේමයි රත්තරන්...ඔය කොණ්ඩෙමයි...ඇස් දෙකත් ඒකමයි පුතේ..."

මගෙ ඇස් වලටත් කඳුළු ආව..මට ලැජ්ජයි..මං වගේමලු පුතත්...ඒ තිරිසනා සළකන්නෙ නැති හැටි වැදුව අම්මට...මගෙ හිත අයෙ අයෙත් මට මතක් කරා..

"අනේ මගෙ කොල්ල මට කොච්චරක් ආදරෙන්ද හිටියෙ..."

ආයෙ කඳුළු පිහදනව...

මාත් අතරමං වෙලා...ඒ කියන්නෙ පුතා අකාලෙ මැරෙන්ඩවත් ඇති...මට හිතුණා...ඔව් ඔව් මං හරි...

"මගෙ පුතා නැති උනා මහත්තයෝ...අවුරුදු 32 යි...මට හිටිය එකම දරුව...මගෙ පණ..උටත් උගෙ පණ මම"

අත්තම්මා ඔහේ කියවනවා....

ඒත් හැම දේම එක පාරටම වෙනස්ම උණා...මගෙ ජීවිතේම වෙනස් උනා....

"අනේ මයෙ පුතේ..ඔය ජරාව බොන එක නවත්තපන් මහත්තයෝ....මගෙ දරුවත් මරාගත්ත ඔය ජරාව...ඕක නවත්තන්ඩ මහත්තයෙ....අකාලෙ මැරෙන්ඩ එපා...ඔය මහත්තයාගෙ අම්මටත් උහුළන්ඩ බැරි වෙයි දරුවො....මම තාම උදේ හවා විඳවනවා දරුවෝ..."

සිගරැට්ටුව බිමට ඇතෑරුණේ මං වත් දන්නෙ නැතුව...

මෙච්චරක් ඇති.....ඔව් මං ආයෙ සිගරට් බොන්නෙ නම් නෑ...

මට ඒ අත්තම්මගෙ ඇස් දෙක අස්සෙන් මයෙ රත්තරන් අම්මව පෙනුණා...අම්මට දුකක් දෙන්න මට බෑ.....

------සිමෙත් කවීජ--------
Latest
Previous
Next Post »
0 Komentar