අහගන්න මගෙ කතාව










මේ කතාව කියන්නට කලියෙන් මා ඔබෙන් එක පැනයක් අසන්නට කැමැත්තෙමි...අම්මා තාත්තට වැඩියෙන් පෙම්වතා පෙම්වතිය වටිනවද?ඔව් මම දන්නවා උත්තරේ....ඒ දෙගොල්ලම වටිනවා එක සමානවම....ඔයා එහෙම කියයි...ඒත් මගේ කතාවත් ටිකක් අහගන්න.....

ඔයා මාව දන්නෙවත් දැකලවත් නැතුව ඇති...අඳුනන අයත් ඇති...ඒත් හැමෝම මාව අඳුන ගන්න..මම නිශානි සන්දූපමා...දැන් මගෙ වයස විසි දෙකයි..මම ගොඩාක් ලස්සනයි කියල අපෙ අම්මා හැමදාම ආඩම්බර උනා මට තාම මතකයි..ඔව් මමත් ආඩම්බර උනේ නැතුවමත් නෙමෙයි..ඒත් ඒ ලස්සනට සත්තමයි අද මම වෛර කරනවා..

අපෙ අම්මා ගුරුවරියක්..තාත්තා රජයේ බැංකුවක කළමණාකරුවෙක්..මම ජංගම දුරකතන පාවිච්චි කරනවාට ගෙදරින් කිසිම කැමැත්තක් තිබුණෙ නෑ..ෆේස් බුක් වලට නම් ගොඩාක්ම විරුද්ධ උනා...ඒත් මම ඒ කිසිම දෙයක් ඇහුවෙම නෑ..අහන්න ඕනෑ කමක් තිබුණෙත් නෑ..ඒත් ඒ දේවල් ඇහුව නම් මට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...මම දවන්නවාඅ ආයෙත් ඒ වැරදි හදාගන්න නම් බෑ...

මම අද ආයෙම මගේම ගෙදරට ආවෙ මාස අටකට පස්සෙ...මේ ලියුම මම ලියන්නෙ මට පුරුදු මගේම කාමරයේ ඉඳගෙන.හරි ඉක්මන්ට ඉස්සර කාලෙ මතකෙට එනවා...ඒත් ඒ හැම දේම හීන විතරමයි....

අහගන්න මගෙ කතාව..කියන්න හිතන්න මට වැරදුනේ කොතැනද??.

එයා ටිලාන්...ටිලාන් කාවින්ද...ඒ මගෙ පෙම්වතාද එහෙමත් නැත්තම් මගෙ සැමියද කියන්න මම දන්නෙ නෑ..ඒත් ඒ මගෙ දරුවගෙ තාත්තා...එයාගෙයි මගෙයි හමුවීම සිදු උනේ ෆේස් බුක් එකෙන්...ඒ උනාට එයා ගැන මම කලින් ඉඳන් අහල නම් තිබුණා....අපෙ කෙල්ලන්ගෙ හිත් වල හිටිය සිහින කුමාරයා ටිලාන්....මමත් හරි ආසාවෙන් හිටියෙ කවදාම හරි දවසක එයා එක්ක කතා කරන්න..අඩුම තරමින් හිනා වෙන්නවත්...අගනුවර ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක පාපන්දු කණ්ඩායමේ නායකයා මගෙ ටිලාන්..එයාගෙ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්...කිසිම දේකින් ටිලාන්ට අඩුවක් පාඩුවක් තිබුණෙම නෑ...ෆේස් බුක් එකෙන් අපි දෙන්නා ටිකින් ටික ළං උණා...ඇත්තටම එයාටත් වඩා උවමනාවක් මට තිබුණා...මට ඕන උනේ හැමෝටම කෑ ගහල කියන්න ටිලාන් මගෙ පෙම්වතා විත්තිය...ගෙදරට යාලුවන්ට හොරෙන් අපි ගොඩාක් ආදරය කළා..කොටින්ම කිව්වොත් ලෝකෙටම හොරෙන්...ඒත් ටික කාලයක් ගතවෙද්දි අපෙ අම්මට තාත්තට ටිලාන් ගැන ආරංචි වෙලා තිබුණා..අපෙ ගෙදරින් හුඟාක්ම විරුද්ධ උනා..අනේ මන්දා දෙයියනේ ඒ ඇයි කියල මට තේරුණේ නෑ...ටිලාන් කොච්චර නම් වටින කොල්ලෙක්ද?

"ඕකා සල්ලාලයා...ගෑණු පෙරේතයා"....අපෙ තාත්තා කිව්වෙ එහෙමයි...තාත්තගෙ යාළුවෙක්ගෙ දුවක් ටිලාන් හින්දා අමාරුවේ වැටුණලු...ඒත් මගෙ ටිලාන් කොච්චර නම් අහිංසකයෙක්ද....අඩුම තරමෙ වෙන කෙල්ලෙක් දිහා හැරිලා වත් බැලුවෙ නෑ...මම හිතුවෙම අම්මයි තාත්තයි ඉරිසියාවට කියන කතා කියලයි...

හරියට සිත්තමක් වගෙයි...ඒ හැම සිද්ධියක්ම මට මැවිලා පේනවා...ඒත් ඒ කිසි දෙයක් ආයෙම හරිගස්සන්න කාටවත්ම බෑ..දෙයියනේ ඇයි මං මෙච්චර මෝඩ උනේ....????

අපෙ ගෙදරින් එන්න එන්නම අපෙ ආදරයට කරන බලපෑම් වැඩිවුනා..මගෙ ලෝකෙම තිබුණෙ ටිලාන් ළඟ පරිස්සමට තියලා...ඒ ඇස් අස්සෙන් මම හැමදාම මගෙ අනාගතේ දැක්කා...කිසිම සැකයක් තිබුණෙම නෑ....මම ඒ තරමට ආදරෙන් අන්ධ වෙලා හිටියෙ...

හැමදේම වෙන්න පටන් ගත්තෙ එයාගෙ එක යෝජනාවකට පස්සෙ....

"නිශූ අපි පැනලා ගිහින් කසාද බඳිමු පැටියෝ"

ඇත්තටම ඒ වචන වල කොච්චර නම් ආදරයක් තිබුණද?අනේ මන්දා ඒත් ඒ මායාවක්....

රත්තරන් පාට හැන්දෑවක මගෙ හීන ඔක්කොමත් අරගෙන අපි දෙන්නා ගාලු ගියා...මට කිසිම අරමුණක් තිබුණෙ නෑ...ඒත් හැම බලාපොරොත්තුවක්ම ටිලාන්ට මම ලියලා දීල තිබුණා....උතුරලා යන තරමටම මම ආදරය කළා...අපි නතර උනේ ටිලාන්ගෙ මාම කෙනෙක්ගෙ ගෙදරක...ඒ මාම මම දිහා මුලින්ම බැලුව විදිය ....ඒ ඇස් වල තිබුණෙ මං ගැන අනුකම්පාවක්...මොනවදෝ කියන්න එයා හැමවෙලේම ලෑස්ති උනා...ඒත් මට ඒ දේ දැණුනෙම නෑ....

ටිලාන් දවස් තුනක් මාත් එක්ක හිටියා...හදිසි වැඩකට කොළඹට ගියා...ඒ වෙද්දි මට පිටස්තර ලෝකෙ වෙන කාත් එක්කවත් සම්බන්ධතාවයක් තිබුණෙ නෑ...අම්මව මතක් උනා ගොඩාරියක්ම මගෙ අම්මෙ...ඒත් මට ඔයාට වඩා ඒ වෙද්දිත් ටිලාන්ව වටිනවා...ටිලාන් ආයෙම මාසෙකට පස්සෙ මං ළඟට ආවා.ඒ වෙද්දි මගෙ ගාව එයාගෙයි මගෙයි පුංචි පැටිය වැඩෙමින් හිටියෙ.....ඒත් ආයෙම එයා සතියකින් යන්න ගියා...ඒ වෙද්දි ටිලාන්ගෙ මාමා මට ටිලාන් ගැන ගොඩාක් නරක දේවල් කියලයි තිබුණේ...ඒත් මට ටිලාන්ව අවිශ්වාස උනේම නෑ...ඒ තරමටම එයා මාව රවට්ටලා...එදා යද්දි ටිලාන් කිව්වෙ තාත්තවත් කැමති කරන් ඇවිත් කසාද බඳිනවයි කියලා....ඒ ගියා ගියාමයි..මගෙ ආදරේ ආයෙම මට දකින්නවත් බැරි උණා.....කොච්චරනම් බලන් හිටියත් එයා ආවෙම නෑ...ඒත් ආදරේ පිරුණු මගෙ ඇස් හැමදාම බලන් හිටියෙ එයා එනකන්....අදට මාස අටක්ම ගතවෙලා...අද උදේ පාන්දරින්ම මම ආයෙම කොළඹ ආවෙ මගෙ ටිලාන්ව හොයාගෙන..අර අසරණ මනුස්සයා මට කොච්චර ආදරෙන් දරුවෙක්ට වගේ සැළකුවත් මට තවත් එයා ගාවම ඉන්න බෑ.ටිලාන්ට මොකක් නම් වෙන්න ඇත්ද..අද උදේ වෙද්දිත් මම ටිලාන්ව පණ තරම්ම විශ්වාස කළා...ඇත්තටම මම කොයි තරම් නම් මෝඩයිද?

කොළඹට ආව ගමන්ම මම ටිලාන්ගෙ යාළුවෙක්ව මුණ ගැහුණා....ඒ එයා කිව්ව වචන ටික මම ලෝකෙ ඇහුව අමිහිරිම වචන ටික...මගෙ ටිලාන් මීට මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ව ජයටම මඟුල් අරගෙන විවාහ කරගෙන තිබුණා...මම කොච්චර නම් රැවටුණාද අපෙ අම්මයි තාත්තයි කොච්චර නම් ආදරේ කළාද මට තේරුණේ එතකොටයි...

එක හුස්මට ගෙදර ආවෙ මම මීට පැය දෙකකට කළින්...හැමදාම වගේ කුස්සිය පිටි පස්සෙ මල් පෝච්චිය අස්සෙ යතුර තිබුණා...අම්මයි තාත්තයි වැඩට ගිහින් ඇති...මගෙ රත්තරන් අම්මයි තාත්තයි ආව ගමන් කකුල් දෙක අල්ලලා සමාව ගන්නකම් මට පුදුම හදිස්සියක්...කොච්චර කරත් ඒ දෙන්නා මාව තේරුම් ගනියි කියල මට හිතුණා...මේ ලිපිය ලියන්න විනාඩි දහයකට කලියෙන් මම දැක්ක දෙයින් මම මගෙ තීරණය වෙනස කර ගත්තා...අවසාන වතාවට....

මගෙ රත්තරන් අම්මගෙ පින්තූරයකට සුදු මල් මාලයක් වැටිලා...මගෙ අම්මා මගෙන් යන්නම යන්න ගිහින් ආයෙ නො එන්නටම...අම්මා හැම තත්පරයකම මාව මතක් කරන්න ඇති...හැම තැනකම මාව හොයන්න ඇති...ඒ දුකටම මියදෙන්න ඇති....

ආදරයෙ නාමයෙන් මම අම්මවත් මරාගෙන....

ඒ දැක්ක දෙයින් පස්සෙ මට මේ ලෝකෙ ජීවත් වෙන්න තිබුණ පුංචිම ආසාවත් නැති වෙලා ගියා....

මේ මාගේ කතාවයි...සම්පූර්ණ වැරැද්ද මවිසින් මටම පවරා ගනිමි...නමුදු නැවත ජීවත් වීමට තාත්තාට මූණ දීමට තරම් ආත්ම ශක්තියක් මා තුල තවත් නැත...මේ ලිපිය කියවන මොහොතේ මා ඔබේ ලොව අතහැර අවසන්ය...මගේ අවසන් ප්‍රාර්ථනය

එහා ලොවේදීවත් මට මගෙ අම්මව මුණ නොගැසේවා..එයාව බලන්න තරම් මට හයියක් නෑ....

ඇත්තටම වැඩිය වටින්නෙ අම්මා තාත්තා මිසක් වෙන යම් දෙයක්ද????

ඉතින් මම ඔබෙන් සමුගනිමි....නූපන් මගේ දරු පැටියාත් මා සමඟම මියෙනු ඇත...

ප.ලි :ටිලාන් ඔයා මේ ලිපිය කියවනවනම්....කියන්න ඇයි මගෙ ආදරෙ වැඩි උනාද???::::::::::::::::::::::::

:මෙය සම්පූර්ණ වශයෙන් ගොතන ලද්දකි..සත්‍ය සිදුවීමක් නොවේ..::::සිමෙත් කවීජ::::::::
Previous
Next Post »
0 Komentar