දුමයි මමයි







වෙනස් විදියෙ දෙයක්....කවුරුත්ම හිතන්නෙ නැති විදියෙ දෙයක්.....මම ගොඩක් ආඩම්බර උනා මම ගැන....ඒත් ගොඩාක් ලැජ්ජා හිතුණා අද මට මං ගැනම....ඇත්තටම...

වැස්සට තෙමීගෙන අලවතුගොඩ හෝටලේකට ගොඩ උනේ පුරුද්දට දුම් වැටියක සුව විඳින්න...ඇඟ හොඳටම සීතල වෙලා....උවමනාවෙන් හිටියෙ මං ඉක්මන්ටම ටිකක් රත් වෙන්න....

ටිකක් රසවත් නැතුව ඇති අද මම ලියන විදිය....ඒ අද මම මේ ලියන්නෙ ඇත්තම හින්දද මන්දා...

සිගරට් එකත් පත්තු කරන් පිළිකන්න පැත්තට ගියපු වෙලාවෙ අවුරුදු 65 ක විතර ආච්චි කෙනෙක් හෝටල් කුස්සියේ එළවළු කපනවා...දුක හිතුණා ගොඩක්...අත පය වෙව්ලනවා..ඒ තියද්දිත් අමාරුවෙන් වැඩ කරනවා...

මේ ආච්චි අම්මටත් ලොකු වෙච්ච ළමයි ඇති...මේ අහිංසක අම්මට සළකන්ඩ උන්ට බැරි හැටි....දුම් රොදක් තාලෙට මුවඟින් පිට කරන ගමන් මං කල්පනා කරා...මෙච්චර සාරධර්ම ගැන උදේ හවා කියවන රටේ තමන්ගෙ අම්මට සළකන්ඩ බැරි ළමයි මොකට ජීවත් වෙනවද?මට හිතුණෙම ඒක...

මොහොතින් මට මයෙ අම්මව මතක් උනා...අපෙ අම්මත් දවසක මේ වගේ වයසට යයි...ඒ වෙද්දි මම නම් අම්මට රැජිණක්ට වගේ සළකනවා....මම එකම සිහින ලෝකෙක හිටිය මං ගැන උදම් වෙවී.....

ආයෙත් අර අහිංසක දුප්පත් මූණ බලන්න හිතුණ ඒ ඇසිල්ලට මට....ඇස් ඒ පැත්තට හරවද්දි ඒ මළානික ඇස් මං දිහා බලන් ඉන්නවා මට පෙනුණා...චීත්ත පොටෙන් ඒ අම්මා ඇස් පිහදනවා....කඳුළු පිරිලා ඒ ඇස් වල...කියා ගන්න බැරි තරම් දුකක් දැනුණා....මට රිදුණා ගොඩාක්...කරන්න බැරි වැඩ කන්දරාව දැකලා ඒ අම්මගෙ ඇස් අග්ගිස්සට කඳුළු ඇවිත්....

මං ඒ අම්මා දිහා බලන් ඉන්න විත්තිය තේරිලාද මන්දා....අමාරුවෙන් වත්තන් කරගත්ත අඩි පිය මනින්නෙ මං දිහාවට...

මං හීනෙන්වත් හිතුවෙ නැති දෙයක් සිද්ධ උනා...ඔයත් හිතන්න නැතුව ඇති....

"පුතේ"

"ඇයි ආත්තම්මෙ"

මොනවදෝ කියන්න අත්තම්මගෙ තොල් මහා ආයාසයක් ගන්නව...මට දැනුණා...ඔව් ගොඩක් අමාරුවෙන් ඒ ගැටගහගත්තු වචන ටික මට මැරෙනකම් අමතක නම් වෙන්නෙ නැති වෙයි..කවදාවත්ම..සමහරක් වෙලාවට මැරෙද්දිත් මතක් වෙයි....

"මගෙ පුතත් තරුණ කාලෙ පුතා වගේමයි රත්තරන්...ඔය කොණ්ඩෙමයි...ඇස් දෙකත් ඒකමයි පුතේ..."

මගෙ ඇස් වලටත් කඳුළු ආව..මට ලැජ්ජයි..මං වගේමලු පුතත්...ඒ තිරිසනා සළකන්නෙ නැති හැටි වැදුව අම්මට...මගෙ හිත අයෙ අයෙත් මට මතක් කරා..

"අනේ මගෙ කොල්ල මට කොච්චරක් ආදරෙන්ද හිටියෙ..."

ආයෙ කඳුළු පිහදනව...

මාත් අතරමං වෙලා...ඒ කියන්නෙ පුතා අකාලෙ මැරෙන්ඩවත් ඇති...මට හිතුණා...ඔව් ඔව් මං හරි...

"මගෙ පුතා නැති උනා මහත්තයෝ...අවුරුදු 32 යි...මට හිටිය එකම දරුව...මගෙ පණ..උටත් උගෙ පණ මම"

අත්තම්මා ඔහේ කියවනවා....

ඒත් හැම දේම එක පාරටම වෙනස්ම උණා...මගෙ ජීවිතේම වෙනස් උනා....

"අනේ මයෙ පුතේ..ඔය ජරාව බොන එක නවත්තපන් මහත්තයෝ....මගෙ දරුවත් මරාගත්ත ඔය ජරාව...ඕක නවත්තන්ඩ මහත්තයෙ....අකාලෙ මැරෙන්ඩ එපා...ඔය මහත්තයාගෙ අම්මටත් උහුළන්ඩ බැරි වෙයි දරුවො....මම තාම උදේ හවා විඳවනවා දරුවෝ..."

සිගරැට්ටුව බිමට ඇතෑරුණේ මං වත් දන්නෙ නැතුව...

මෙච්චරක් ඇති.....ඔව් මං ආයෙ සිගරට් බොන්නෙ නම් නෑ...

මට ඒ අත්තම්මගෙ ඇස් දෙක අස්සෙන් මයෙ රත්තරන් අම්මව පෙනුණා...අම්මට දුකක් දෙන්න මට බෑ.....

------සිමෙත් කවීජ--------

මගෙ සඳ මගෙ හිත බින්ඳා





කුළුඳුල් සිතින් පෙම් බැඳි පෙර ඈත දින
තවමත් මතක ඇත ඇගෙ සුන්දර මූණ
අහසක් උසට එක්කර දී ලොකු හීන
ආදරෙ වගක් කීවා ඈ මට බෝම

දවසින් දවස මගෙ සෙනෙහස් මල් පිපුණේ
මොහොතින් මොහොත ඈ මා ළඟමය රැඳුණේ
රහසින් මුලා කළ වග නම් නැත හැඟුණේ
දහසක් සිහින සුන්කර ඇය වෙනතක ඇදුණේ

නොකා නොබී බෝ කල් මම දුක් වින්දා
වෙන පෙම් හිතක නැවතී ඇය සුව වින්දා
මගෙ දුක කියා ඇගෙ ළඟ පෙරලී වැන්දා
ඔච්චම් සිනා මැද මගෙ සඳ මගෙ හිත බින්දා

එදයින් පසුව ඈ ළඟ වැඳ වැටුණෙ නැතී
කලකට පසුව ඇය ආගිය අතක් නැතී
පෙම් සුව සොයා වෙන අතකට යන්ට ඈතී
පැතුවෙමි සරණ හිමිවන්නට දෙවියන්ගෙ නිතී

අවුරුදු පහක් ගතවිය මා හට දැනුණෙ නැත
ලොකු කන්තෝරුවක මම උස් තනතුරේ ඇත
දවසක් වැඩක් කරගන්නට ආ කෙනෙක් දැක
සිත දිව ගිහින් සිහිවූවා පෙර පෙම් බැඳ රුව

මා දුටු විගස ඇය ලෙංගතු කම් පෑවා
ඇගෙ පෙම්බර සෙබළෙකි දුර වැඩ කීවා
මා මෙහි ඉන්න බැව් පෙර දන්නා බව කීවා
පෙර පෙම් කතා ඇය ඇස් දෙක මත ලීවා

තහනම් ගසක තහනම් සුව විඳගන්න
මට උවමනා නැත ඇය තුරුලට ගන්න
පෙර වේදනා අද සතුටට පෙරලෙන්න
හේතුව මුදල බව කරුණකි මම දන්න

මා ගැන හැඟුම් ඇත ඇගෙ වල්මත් සිතට
ඇගෙ පෙම්බරා දුක්වෙනු ඇත කළ පවට
මා බේරුණා පෙර කළ මා කළ පිනට
තනිවෙමි දමා මතකය ඇගෙ කුණු ගොඩට

අතැර ගිය පෙම්වන්තයාට




ඉස්සර දවසක ළඟට ඇවිත්
නළලත දෙතොලින් සුවඳ දෙමින්
පෙම් කළ නුඹමද මෙහෙම ඉතින්
වෙන් වෙන්නේ අද කඳුළු දෙමින්

දහසක් දෙනුවන් මදෙස බලා
ඔච්චම් පෑවා උන් හිනා වෙලා
එක් කළ හදවත් දෙපලු වෙලා
යන්න ගියා සඳ තරහ වෙලා

ගම්මානේ පිපි නෙළුම මමයි
කියා සැනසුවෙ ඔබම තමයි
නුඹෙ කරුමය මහ වදය මමයි
කියා කියන්නෙත් අද නුඹම තමයි

කොලොම්පුරේ ඉගිල්ලෙනා කිරිල්ලියක් ගාව
පරිස්සමට තියා ගන්න දුන්නද අපෙ සිහින
කරච්චලේ වැඩි හින්දලු අත් අරින්නෙ මාව
මගෙ සඳවත ආදරයක් නෑ කොහෙවත් මෙහෙම

මිස් කෝල් එක





අහම්බෙන් දවසක ආ මිස් කෝල් එක
දිවියම වෙනස් කෙරුවා මගෙ දඩබ්බර
මීපැණි කනට වක්කරනා මිහිරි හඬින්
හදවත කැලතුනා ඈ අමතන විලසින්

දවසක් දෙකක් ඈ හැමවිට කතා කළා
නම ගම ඇගේ වතගොත මට ලීක් කළා
සරසවි බිමේ පේරාදෙණියේ කිව්වා
තවමත් තනිකඩයි හිත ඕපන් බැව් දැනුණා

මව් බස පමණි මා හසුරන්නට දන්නේ
කඩ්ඩෙන් වනයි ඈ මා ගැන නෑ දන්නේ
ඇත්තම කියා ගැළවෙන්නට හිත කිව්වේ
චාටර් මගේ ස්ටෝරිය මම කිව්වේ

දවසට ගල් කාලක් කොහොමත් බොනවා
සිගරැට් හතර පහ නොදැනිම පිච්චෙනවා
පිච්චිය නැති විටක ගෙදරින් උස්සනවා
අම්මා අපේ කඩයප්පන් විකුණනවා

දව්සක් දෙකක් ඈ මුනිවත රැක්කා
වෙරිවූ වෙලාවක ඇගෙ නම තිරයේ දැක්කා
ඇදෙමින් පෑද්දෙමින් බොත්තම තාලෙට ඔබලා
ඈ කියු දෙයට අවසිහියෙන් ඉඩ දුන්නා

දෙපිටින් ගියා බිව් රහමෙර හිත සැනසූ
හදවත නටයි පුවතින් ඇය මට පැවසූ
ඇගෙ හිත මටලු මගෙ හදවත පිරිසිදුලූ
ඇත්තම කිව්ව ඈ මට හරි මනාපලූ

හඩු ගඳ ගැසූ මං දැන් හරියට වෙනස් වෙලා
ඇගෙ සල්ලියෙන් මා බිස්නස් එකකට බැහැලා
රහමෙර බීම දුම්වැටියට තිත තියලා
කොල්ලා එළ උනත් නෑ තව ඇය මීට් වෙලා

දවසක් ගියා මගෙ සුරඟන හමු වන්න
පළලට සමය උස ඈ කලු පිටි මුට්ටක් වැන්න
ලස්සන මොටද හිත සැනසුම මට දුන්න
ඇය හට දුනිමි හිත සදහට රැක ගන්න

ලස්සන මුහුණ කන්නද බන් බිඳුවක් හිතපන්
ගුණ දම් සපිරි කෙල්ලෙක් මතු දවසක බැඳපන්
ලස්සන උඹෙ කෙල්ල ගුණ දහමට හුරු කරපන්
බැරි නම් ඉතින් ඒ ගිණි ගොඩ අමතක කරපන්

අහගන්න මගෙ කතාව










මේ කතාව කියන්නට කලියෙන් මා ඔබෙන් එක පැනයක් අසන්නට කැමැත්තෙමි...අම්මා තාත්තට වැඩියෙන් පෙම්වතා පෙම්වතිය වටිනවද?ඔව් මම දන්නවා උත්තරේ....ඒ දෙගොල්ලම වටිනවා එක සමානවම....ඔයා එහෙම කියයි...ඒත් මගේ කතාවත් ටිකක් අහගන්න.....

ඔයා මාව දන්නෙවත් දැකලවත් නැතුව ඇති...අඳුනන අයත් ඇති...ඒත් හැමෝම මාව අඳුන ගන්න..මම නිශානි සන්දූපමා...දැන් මගෙ වයස විසි දෙකයි..මම ගොඩාක් ලස්සනයි කියල අපෙ අම්මා හැමදාම ආඩම්බර උනා මට තාම මතකයි..ඔව් මමත් ආඩම්බර උනේ නැතුවමත් නෙමෙයි..ඒත් ඒ ලස්සනට සත්තමයි අද මම වෛර කරනවා..

අපෙ අම්මා ගුරුවරියක්..තාත්තා රජයේ බැංකුවක කළමණාකරුවෙක්..මම ජංගම දුරකතන පාවිච්චි කරනවාට ගෙදරින් කිසිම කැමැත්තක් තිබුණෙ නෑ..ෆේස් බුක් වලට නම් ගොඩාක්ම විරුද්ධ උනා...ඒත් මම ඒ කිසිම දෙයක් ඇහුවෙම නෑ..අහන්න ඕනෑ කමක් තිබුණෙත් නෑ..ඒත් ඒ දේවල් ඇහුව නම් මට මෙහෙම දෙයක් වෙන්නෙ නෑ...මම දවන්නවාඅ ආයෙත් ඒ වැරදි හදාගන්න නම් බෑ...

මම අද ආයෙම මගේම ගෙදරට ආවෙ මාස අටකට පස්සෙ...මේ ලියුම මම ලියන්නෙ මට පුරුදු මගේම කාමරයේ ඉඳගෙන.හරි ඉක්මන්ට ඉස්සර කාලෙ මතකෙට එනවා...ඒත් ඒ හැම දේම හීන විතරමයි....

අහගන්න මගෙ කතාව..කියන්න හිතන්න මට වැරදුනේ කොතැනද??.

එයා ටිලාන්...ටිලාන් කාවින්ද...ඒ මගෙ පෙම්වතාද එහෙමත් නැත්තම් මගෙ සැමියද කියන්න මම දන්නෙ නෑ..ඒත් ඒ මගෙ දරුවගෙ තාත්තා...එයාගෙයි මගෙයි හමුවීම සිදු උනේ ෆේස් බුක් එකෙන්...ඒ උනාට එයා ගැන මම කලින් ඉඳන් අහල නම් තිබුණා....අපෙ කෙල්ලන්ගෙ හිත් වල හිටිය සිහින කුමාරයා ටිලාන්....මමත් හරි ආසාවෙන් හිටියෙ කවදාම හරි දවසක එයා එක්ක කතා කරන්න..අඩුම තරමින් හිනා වෙන්නවත්...අගනුවර ප්‍රසිද්ධ පිරිමි විද්‍යාලයක පාපන්දු කණ්ඩායමේ නායකයා මගෙ ටිලාන්..එයාගෙ තාත්තා ලොකු බිස්නස් කාරයෙක්...කිසිම දේකින් ටිලාන්ට අඩුවක් පාඩුවක් තිබුණෙම නෑ...ෆේස් බුක් එකෙන් අපි දෙන්නා ටිකින් ටික ළං උණා...ඇත්තටම එයාටත් වඩා උවමනාවක් මට තිබුණා...මට ඕන උනේ හැමෝටම කෑ ගහල කියන්න ටිලාන් මගෙ පෙම්වතා විත්තිය...ගෙදරට යාලුවන්ට හොරෙන් අපි ගොඩාක් ආදරය කළා..කොටින්ම කිව්වොත් ලෝකෙටම හොරෙන්...ඒත් ටික කාලයක් ගතවෙද්දි අපෙ අම්මට තාත්තට ටිලාන් ගැන ආරංචි වෙලා තිබුණා..අපෙ ගෙදරින් හුඟාක්ම විරුද්ධ උනා..අනේ මන්දා දෙයියනේ ඒ ඇයි කියල මට තේරුණේ නෑ...ටිලාන් කොච්චර නම් වටින කොල්ලෙක්ද?

"ඕකා සල්ලාලයා...ගෑණු පෙරේතයා"....අපෙ තාත්තා කිව්වෙ එහෙමයි...තාත්තගෙ යාළුවෙක්ගෙ දුවක් ටිලාන් හින්දා අමාරුවේ වැටුණලු...ඒත් මගෙ ටිලාන් කොච්චර නම් අහිංසකයෙක්ද....අඩුම තරමෙ වෙන කෙල්ලෙක් දිහා හැරිලා වත් බැලුවෙ නෑ...මම හිතුවෙම අම්මයි තාත්තයි ඉරිසියාවට කියන කතා කියලයි...

හරියට සිත්තමක් වගෙයි...ඒ හැම සිද්ධියක්ම මට මැවිලා පේනවා...ඒත් ඒ කිසි දෙයක් ආයෙම හරිගස්සන්න කාටවත්ම බෑ..දෙයියනේ ඇයි මං මෙච්චර මෝඩ උනේ....????

අපෙ ගෙදරින් එන්න එන්නම අපෙ ආදරයට කරන බලපෑම් වැඩිවුනා..මගෙ ලෝකෙම තිබුණෙ ටිලාන් ළඟ පරිස්සමට තියලා...ඒ ඇස් අස්සෙන් මම හැමදාම මගෙ අනාගතේ දැක්කා...කිසිම සැකයක් තිබුණෙම නෑ....මම ඒ තරමට ආදරෙන් අන්ධ වෙලා හිටියෙ...

හැමදේම වෙන්න පටන් ගත්තෙ එයාගෙ එක යෝජනාවකට පස්සෙ....

"නිශූ අපි පැනලා ගිහින් කසාද බඳිමු පැටියෝ"

ඇත්තටම ඒ වචන වල කොච්චර නම් ආදරයක් තිබුණද?අනේ මන්දා ඒත් ඒ මායාවක්....

රත්තරන් පාට හැන්දෑවක මගෙ හීන ඔක්කොමත් අරගෙන අපි දෙන්නා ගාලු ගියා...මට කිසිම අරමුණක් තිබුණෙ නෑ...ඒත් හැම බලාපොරොත්තුවක්ම ටිලාන්ට මම ලියලා දීල තිබුණා....උතුරලා යන තරමටම මම ආදරය කළා...අපි නතර උනේ ටිලාන්ගෙ මාම කෙනෙක්ගෙ ගෙදරක...ඒ මාම මම දිහා මුලින්ම බැලුව විදිය ....ඒ ඇස් වල තිබුණෙ මං ගැන අනුකම්පාවක්...මොනවදෝ කියන්න එයා හැමවෙලේම ලෑස්ති උනා...ඒත් මට ඒ දේ දැණුනෙම නෑ....

ටිලාන් දවස් තුනක් මාත් එක්ක හිටියා...හදිසි වැඩකට කොළඹට ගියා...ඒ වෙද්දි මට පිටස්තර ලෝකෙ වෙන කාත් එක්කවත් සම්බන්ධතාවයක් තිබුණෙ නෑ...අම්මව මතක් උනා ගොඩාරියක්ම මගෙ අම්මෙ...ඒත් මට ඔයාට වඩා ඒ වෙද්දිත් ටිලාන්ව වටිනවා...ටිලාන් ආයෙම මාසෙකට පස්සෙ මං ළඟට ආවා.ඒ වෙද්දි මගෙ ගාව එයාගෙයි මගෙයි පුංචි පැටිය වැඩෙමින් හිටියෙ.....ඒත් ආයෙම එයා සතියකින් යන්න ගියා...ඒ වෙද්දි ටිලාන්ගෙ මාමා මට ටිලාන් ගැන ගොඩාක් නරක දේවල් කියලයි තිබුණේ...ඒත් මට ටිලාන්ව අවිශ්වාස උනේම නෑ...ඒ තරමටම එයා මාව රවට්ටලා...එදා යද්දි ටිලාන් කිව්වෙ තාත්තවත් කැමති කරන් ඇවිත් කසාද බඳිනවයි කියලා....ඒ ගියා ගියාමයි..මගෙ ආදරේ ආයෙම මට දකින්නවත් බැරි උණා.....කොච්චරනම් බලන් හිටියත් එයා ආවෙම නෑ...ඒත් ආදරේ පිරුණු මගෙ ඇස් හැමදාම බලන් හිටියෙ එයා එනකන්....අදට මාස අටක්ම ගතවෙලා...අද උදේ පාන්දරින්ම මම ආයෙම කොළඹ ආවෙ මගෙ ටිලාන්ව හොයාගෙන..අර අසරණ මනුස්සයා මට කොච්චර ආදරෙන් දරුවෙක්ට වගේ සැළකුවත් මට තවත් එයා ගාවම ඉන්න බෑ.ටිලාන්ට මොකක් නම් වෙන්න ඇත්ද..අද උදේ වෙද්දිත් මම ටිලාන්ව පණ තරම්ම විශ්වාස කළා...ඇත්තටම මම කොයි තරම් නම් මෝඩයිද?

කොළඹට ආව ගමන්ම මම ටිලාන්ගෙ යාළුවෙක්ව මුණ ගැහුණා....ඒ එයා කිව්ව වචන ටික මම ලෝකෙ ඇහුව අමිහිරිම වචන ටික...මගෙ ටිලාන් මීට මාස දෙකකට කලින් වෙන කෙල්ලෙක්ව ජයටම මඟුල් අරගෙන විවාහ කරගෙන තිබුණා...මම කොච්චර නම් රැවටුණාද අපෙ අම්මයි තාත්තයි කොච්චර නම් ආදරේ කළාද මට තේරුණේ එතකොටයි...

එක හුස්මට ගෙදර ආවෙ මම මීට පැය දෙකකට කළින්...හැමදාම වගේ කුස්සිය පිටි පස්සෙ මල් පෝච්චිය අස්සෙ යතුර තිබුණා...අම්මයි තාත්තයි වැඩට ගිහින් ඇති...මගෙ රත්තරන් අම්මයි තාත්තයි ආව ගමන් කකුල් දෙක අල්ලලා සමාව ගන්නකම් මට පුදුම හදිස්සියක්...කොච්චර කරත් ඒ දෙන්නා මාව තේරුම් ගනියි කියල මට හිතුණා...මේ ලිපිය ලියන්න විනාඩි දහයකට කලියෙන් මම දැක්ක දෙයින් මම මගෙ තීරණය වෙනස කර ගත්තා...අවසාන වතාවට....

මගෙ රත්තරන් අම්මගෙ පින්තූරයකට සුදු මල් මාලයක් වැටිලා...මගෙ අම්මා මගෙන් යන්නම යන්න ගිහින් ආයෙ නො එන්නටම...අම්මා හැම තත්පරයකම මාව මතක් කරන්න ඇති...හැම තැනකම මාව හොයන්න ඇති...ඒ දුකටම මියදෙන්න ඇති....

ආදරයෙ නාමයෙන් මම අම්මවත් මරාගෙන....

ඒ දැක්ක දෙයින් පස්සෙ මට මේ ලෝකෙ ජීවත් වෙන්න තිබුණ පුංචිම ආසාවත් නැති වෙලා ගියා....

මේ මාගේ කතාවයි...සම්පූර්ණ වැරැද්ද මවිසින් මටම පවරා ගනිමි...නමුදු නැවත ජීවත් වීමට තාත්තාට මූණ දීමට තරම් ආත්ම ශක්තියක් මා තුල තවත් නැත...මේ ලිපිය කියවන මොහොතේ මා ඔබේ ලොව අතහැර අවසන්ය...මගේ අවසන් ප්‍රාර්ථනය

එහා ලොවේදීවත් මට මගෙ අම්මව මුණ නොගැසේවා..එයාව බලන්න තරම් මට හයියක් නෑ....

ඇත්තටම වැඩිය වටින්නෙ අම්මා තාත්තා මිසක් වෙන යම් දෙයක්ද????

ඉතින් මම ඔබෙන් සමුගනිමි....නූපන් මගේ දරු පැටියාත් මා සමඟම මියෙනු ඇත...

ප.ලි :ටිලාන් ඔයා මේ ලිපිය කියවනවනම්....කියන්න ඇයි මගෙ ආදරෙ වැඩි උනාද???::::::::::::::::::::::::

:මෙය සම්පූර්ණ වශයෙන් ගොතන ලද්දකි..සත්‍ය සිදුවීමක් නොවේ..::::සිමෙත් කවීජ::::::::

තිසුරි යුවනිකා ට ආදරයෙන්




තිසුරි යුවනිකා ට ආදරයෙන් ලියමි . tongue emoticon (හෙනම ලව් එකෙන් )

grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon grin emoticon

ආදර සිහින යාකර එක හිතක් වෙත
පාකර යවමි පෙම කැටිකොට මාගෙ හිත
සෙව්වෙමි එලෙස සිතමින් හද ගත්ත කත
ටෙලියක දිටිමි හද සනහන ඇගේ ගත

මාගෙම හැඟුම් ගැන ඇත්තට තව මට පුදුමයි
නොලැබෙන කෙනෙක් ගැන හිත හරියට විමසයි
මොනවා කරන්නද ආදරයක හැටි එහෙමයි
විටකදි රළුයි දැන් නම් එය මට බොළඳයි

දන්නා කෙනෙක් නම් හැක ඇය හමුවෙන්න
මාගේ සෙනෙහෙ ඇය හමුවේ පවසන්න
මැය ගැන දන්න අය නැහැ මම දන්න
අසරණ උනෙමි පෙම බෑ මගෙ නවතන්න

හොඳ හැටි සිතා අරගත්තෙමි තීරණය
බුකිගත කරමි මා සිත ඇති ආදරය
දුටුවොත් එහෙම මේ ආදර කවි කොළය
දුටුවා කියාවත් කිව්වොත් මට ඒ ඇතිය

සංකර ගතිය හුරු කරගත් දහක් මැද
ගම්බද සිරිය දිදුළන්නේ නුඹෙන් සඳ
චාමෙට නියම තාලෙට ඉන්න ළඳ
හිනැහේ නුවන් දෙපසට ලස්සනට ඇද

හිත ගත් ළඳේ නුඹ ඉන්නේ සඳළු තලේ
යහමින් කාසි නැත මා නම් තව ඉන්නෙ වලේ
හිත හොඳ ගතිය ඇතිනම් මා පතන මලේ
යන්නට එන්න දුර ගමනක් සෙනේ විලේ

කුමරෙක් එහෙම ඔය හිත අරගෙන ඇද්ද?
කහටක් නැතුව වෙන්වෙමි එහෙනම් නෑ සද්ද
තනිකඩ හිතක් නම් තව මා රිද්දනු මොකද?
කැමැතියි කියා මට බහ දෙන්නට බැරිද?

මා ගැන ඕනැ නම් හොඳටම දැන ගන්න
දුරකතනෙන් හැකිය ඔබ හට මා අමතන්න
අහිතක් හිතයි නම් මොකවත් නොකියා ඉන්න
කවි පද දුටුව බව විතරක් මට පවසන්න

තිසරණ සරණ පතනෙමි මගෙ තුන් සිත සෑම දිනේ
සුන්දර ඔයා ගැන හරියට හිත මගේ සසල උනේ
රිද්දන හිතක් නැතිනම් හිනැහෙන්නට දෙන්න සෙනේ
කවියේ පේළි තුන මුලකුරු පහළට කියවන්න අනේ

සුදු බණ්ඩි






.ඔන්න දවසක් රත්න ශ්‍රී මහත්මයාට මිතුරෝ කිහිපදෙනෙක් එක්ක රාජකාරී කටයුත්තකට දඹුල්ල පැත්තේ යන්න සිද්දවෙනවා. මේ යන අතරතුර කට්ටියට පුංචි තිබහකුත්, තෙහෙට්ටුවකුත් දැනුන නිසා පාරේ අයිනේ තිබුන පුංචි ගෙදරකට ගොඩවැදිලා කට්ටියගේ තිබහ සංසිඳුවගන්නට වතුර ටිකක් බොන්න හිතනවා.

......ඉතිං එහෙම ගිය ගෙදර ඉඳලා තියෙන්නේ ටිකක් වයසක පුද්ගලයෙක්. රත්න ශ්‍රී මහත්මයා ඔහුගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන බොන අතරෙම මේ ගෙදර වටපිටාව දිහාත් ටිකක් බලනවා. මිදුලේ එක කෙලවරක තියෙන ගහක් යට හොඳ ලස්සනට හදපු මල් පහන් එහෙම තිබුනලු. ඒ ටික වටපිටාව බලන ඕනම කෙනෙකුට පැහැදිලිව කැපිලා පේනවාලු. රත්න ශ්‍රී මහත්මයා මේ වයසක පුද්ගලයාගෙන් ඇහුවලු ඒ ගහ යට විශේෂයෙන්ම මල් වවන්න හේතුව."එතන තමයි මහත්තයෝ මගේ සුදු බණ්ඩි නිදාගෙන ඉන්නේ..... " වයසක පුද්ගලයා රත්න ශ්‍රීට කියනවා. වැඩි විස්තර අහනකොට රත්න ශ්‍රී දැනගන්නවා සුදු බණ්ඩි කියන්නේ ඊට වසර ගණනකට පෙර මිය ගිය ඒ වයසක පුද්ගලයාගේ බිරිඳ බව. ඈ මියගිය පසු භූමදානය කර තිබෙන්නේ මම කලින් කියපු ගහ යට. මේ වයසක පුද්ගලයා හැමදාම උදේ හවස ඇගේ සොහොන් කොත ළඟ පහනක් පත්තු කරන එකත් සිරිතක් කරගෙන හිටියලු.මේ විස්තර ටික කියලා ඉවරවෙනවත් එක්කම මේ වයසක පුද්ගලයාගේ මුහුන අඳුරු වෙලා ගිහින් මෙහෙම කිව්වලු. " මට තව වැඩි කාලයක් සුදු බණ්ඩි ළඟ මල් පහන් තියන්න වෙන්නැතිවෙයි මහත්තයෝ. එහා ඉඩමෙයි, මයෙ ඉඩමෙයි මායිම වැටෙන්නේ ඔන්න ඔය ගහ ළඟින්. එහා ඉඩමේ අයිතිකාරයා අළුතෙන් ඉඩම මැනලා වැට ගහන්නයි යන්නේ. මයෙ සුදුබණ්ඩි නිදාගෙන ඉන්න මේ කොටස එතකොට අයිතිවෙන්නේ එහා ඉහමට. එතකොට මහත්තයෝ මම කොහොමද හැමදාම මගේ සුදුබණ්ඩිට මල් පහන් තියන්නේ?"

මෙන්න මේ කථාව ඇසුරෙන්ලු රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මිනින්දොරු කන්තෝරුව ගීතය ලියවුනේ.

මිනින්දෝරු කන්තෝරුවෙ
මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනවද
ඇ ඇහැ අරේවි යන්න හොඳයි
දම්වැල් අරගෙන
තරහ අවසරයි යනවද
දම්වැල් අරගෙන
______________________________________(උපුටා ගැනීමකි)

අභිරහස් අභ්‍යාවකාෂ සුන්බුන්?






අභිරහස් අභ්‍යාවකාෂ සුන්බුන් තොගයක් ලංකාවේ මුහුදු තීරයට වැටෙන ලකුණු
අභිරහස් අභ්‍යාවකාෂ සුන්බුන් තොගයක් ශ්‍රී-ලංකාව අසල මුහුදට වැටීමට නියමිතව ඇති බව වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ පෘථිවියට ආසන්න වස්තු අධ්‍යන කාර්යාලය ප්‍රකාශකරන්නේ WT1190F ලෙසට නම්කර ඇති මෙම සුන්බුන් චන්ද්‍රයාත් පෘතිවියත් අතර සිට පැමිණෙන අතර මේවා සඳගමන් සඳහා යොදාගත් රොකට් කොටස් හෝ ඡන්ද්‍රයා වටා භමණය වෙමිනි පැවති චන්ද්‍රිකා කොටස් විය හැකි බවයි.
නියමිත ආකාරයට ගට්ටනය සිදුවේ නම් මෙම සුන්බුන් තොගය හම්බන්තොට ප්‍රදේශයට දකුණු මුහුදට නොවැම්බර් 13 වෙනිදා පතිතවනු ඇත.
මෙම සුන්බුන් තොගය පලමුවරට නිරීක්ෂනයකොට ඇත්තේ 2012 දී වන අතර මෙසේ හඳුනාගත් අභ්‍යාවකාශ සුන්බුන් තොගයක් පෘථිවිය සමඟ ගඨ්ටනය වන පලමු අවස්ථාව මෙය බවත් වාර්ථා වේ.
උපුටා ගැනීමකි.

ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර

ශ්‍රී ලංකාවට ඊ-බේ ඉබේ නතරවීමට පෙර.....





අන්තර්ජාල පරිශීලකයෙක් හැටියට ඊ බේ ගැන නොදන්නා කෙනෙක් ඇතැයි මම අදටත් සිතන්නේ නැත. ඒ ඊ බේ එතරම්ම තරුණ පරම්පරාව අතර ජනප්‍රිය නිසාය. ලෝකයේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර ඇති ඇල්පෙනෙත්තේ සිට වාහනයක් දක්වාවූ සියළුම දේත් ඇඳුම් කැඩුම් ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම උපත් පාලන කොපුවේ සිට රත්තරන් භාන්ඩ දක්වා එකී මෙකී නොකී සියළුම දේ පහසු මුදලට සොයාගත හැකි විද්‍යුත් වෙළඳපලක් බැවින් සියළුම දෙනා ඒකෙරෙහි බැඳී සිටී.

තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංකය කිසිවෙකු සතු නොකර පේපැල් සේවාව හරහා වියදම් කිරීමට හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂ පහසුකමකි. ලංකාවේ බොහෝ දෙනෙකුට ක්‍රෙඩිට් කාඩ් නොමැති කමින් පසුව ඩෙබිට් කාඩ් ඒ සදහා යොදාගැනීමට හැකිවීම ඊබේ රටේ ප්‍රචලිත වීමට තවත් එක් රුකුලක් විය.

අදවන විට ඊබේ හරහා ලංකාවට භාණ්ඩ ගෙන්වා ව්‍යාපාර කරන පුද්ගලයන් බොහෝවෙයි. බොහෝ අයිතම වල මිළ අඩුවීමත් බොහෝවිට ගෙන ඒමේ ගාස්තු නොමැතිවීමත් (ෂිප්පින්ග් ඡර්ගෙස්) වැඩි ලාභයක් ලැබීමට හේතුවක් වෙයි.

අද මා කතා කරන්නේ ඊබේ ගැන නොවේ. ඊ බේ වෙලෙන්දන් නුදුරු අනාගතයේ ලංකාවට භාන්ඩ එවන්නේ නැති වීමට හේතු කතා කරන්නයි.

ඊ බේ වලින් ඕනෑම භාන්ඩයක් මිලදී ගත් පසු එය තැපැල් මගින් ලැබීමට කිසියම් කාලයක් ගතවේ. නමුත් එය දවස් 60කට නොඅඩු විය යුතුය. ඊබේ වලින් හඳුන්වාදී ඇති මිලදීගන්නා ආරක්ෂණය කරන පටිපාටියේදී (ඹුයෙර් ඵ්‍රොටෙcටිඔන්) දවස් 45 ක් ඉකුත්වූ පසු ඒ සඳහා විමසීමක් කළ හැකිය. එය නැවත නැව්ගත කිරීමක් හෝ මුදල් නැවත ලබාගැනීමක් හෝ විය හැකිය.

ඊ බේ වලදී අතීතයේදී (2011ට විතර කලින්) ලංකාවට ඕනෑම දෙයක් නැව්ගත කරනු ලැබීය. ලංකාවේ ඊබේ පරිශීලකයන් ප්‍රමානය වැඩි වෙත්ම හදවතින්ම ශ්‍රී ලාංකික අපේ අය්යලා පිටරට වෙළෙන්දන්ට පොලු තැබීමට පටන්ගත්තේ ඉහත සඳහන් කල ක්‍රමවේදය අව භාවිතා කිරීමෙනි. ඇතැමුන් භාන්ඩය ලැබුනත් නැතත් වෙලෙන්දාගෙන් නැවත මුදල් ලබාගත්හ. (ර්‍එෆුන්ඩ්) ඇතැමුන් භාන්ඩය නොලැබුන බව කියා දෙක දෙක ගෙන්වාගත්හ.

මෙය තව දුරටත් ඉවසා සිටිය නොහැකි සෙලර්ස්ලා ලංකාවට නැවුගත කිරීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ භාන්ඩ වල විස්තරවල ඉතාමත් පැහැදිලිව ඪෝස් ණොට් ෂිප් ටො Sරි ළන්ක යනුවෙන් අදටත් දක්වා තිබේ.

කාලය මෙසේ ගෙවී යද්දී මීලඟට ඇතිවූයේ ලංකාවේ තැපැල් ප්‍රමාදයයි. වරෙක සිංගප්පූරුවෙන් ඇනවුම් කල භාණ්ඩයකට ශ්‍රී ලංකාවේ තැපෑලෙන් තැපැල් මුද්‍රාව වැදීතිබුනේ ඉන් හරියටම දින දෙකකට පසුවය. නමුත් එය නිවසට ලැබෙන විට මුද්‍රාවෙන් දින 5ක් ගෙවීගොස් තිබුනි. සිංගප්පූරුවේ සිට සැතපුම් දහස්ගනනක් ගෙවා දිනකින් ලංකාවට ආ භාන්ඩය කොළඹ සිට සැතපුම් 12ක් දුරින් ඇති නිවසට ඒමට දින 5ක් ගොස් තිබුනි.

ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවට ලියුම් ප්‍රමාදව බෙදා දීම හා ලියුම්/භාන්ඩ නැති කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් තිබේ. ඊ බේ ලංකාවේ ජනප්‍රිය වීමත් සමගම නිවසට ගෙන එන ලියුම් වල වෙනසක් බොහෝ තැපැල් සේවකයන් අත් දකින්නට ඇත. කුඩා මුද්‍රා තැබූ ලියුම් කවර තුල කුමක් හෝ සුරුකුත්තමක් අඩංගු යයි ඔවුන් තීරණය කරන්නට ඇත. එක ගෙදරකට ඒ වාගේ ලියුම් 5-6ක් යන විට එකක් දෙකක් අඩුවුනාට එච්චර ගානක් නැතැයි ඔවුන් සිතන්නට ඇත.

මේ නිසා නොලැබෙන භාන්ඩ වෙනුවෙන් නැවත මුදල් ලබාගැනීම නිසාත් Sඑල්ලෙර් රටින්ග්ස් ලබා නොදීම නිසා අමාරුවේ වැටුනේ භාන්ඩය නැව්ගත කල වෙලෙන්දාමය. බඩුත් නැති කරගෙන අමතරව ලාභය මෙන්ම භාන්ඩ පිරිවැයද ආපසු ගැණුම් කරුට ගෙවන්නට සිදුවීමෙන් පාඩු විඳින්නේ ඔහුය. ඉතින් ඔවුන් නැවතත් ලංකාවට භාණ්ඩ එවන්නේ නැතිය.

තවමත් ලංකාවට නැව්ගත කරන වෙලෙන්දන් දැන් කරන්නේ ඨ්‍රcකින්ග් ණුම්බෙර් එකක් ලබාදීමයි. මෙය ඇත්තෙන්ම සාර්ථක ක්‍රමයක් විය. (ඉස්සරත් තරමක් ගනන් භාන්ඩ වලට 20$< ඨ්‍රcකින්ග් ණුම්බෙර් තිබූ නමුත් දැන් 1$ භාන්ඩ වලටත් මෙය ලබාගත හැකිය). භාණ්ඩය ඇත්තටම ඇත්තේ කොහිදැයි වෙළෙන්දාට මෙන්ම ගැනුම් කරුටද මෙමගින් බලාගත හැකිය.

මාස කිහිපයකට කලින් මම විසින් ඇනවුම් කල ප්ලාස්ටික් කෝප්පයක් ඉන් දවස් 45ක් ඉක්මගිය පසුත් මා හට නොලැබුනි. ඒ ගැන ඨ්‍රcකින්ග් ණුම්බෙර් පරික්ෂාවක් සිදුකල පසු දැනගන්නට ලැබුනේ එම කෝප්පය ඉන් මසකට පෙර ලංකාවට එවා ඇති බවයි.

ලංකාවට පැමිනෙන තෙක් ඉතාම පැහැදිලිව ඨ්‍රcකින්ග් ණුම්බෙර් එක යාවත්කාලීන වී තිබූ නමුත් ලංකාවට පැමිනි පසු එහි තවදුරටත් සටහනක් නැත. අපි අදීන ජාතියක් නිසා ඒවා යාවත්කාලීන කලයුතු නැත.

අවසානයේ මම Sඑල්ලෙර් රටින්ග්ස් ලබාදී පාඩුව මමම විඳගතිමි. ලංකාවට තවමත් භාන්ඩ එවන සෙලර්ස් ලාට ප්‍රශ්නයක් නොවන්නට ඨ්‍රcකින්ග් ණුම්බෙර් එක ඉතාමත්ම වැදගත්වේ.

දැන් ප්‍රශ්නය ඇත්තේ ලංකාවට ගෙන ආ භාන්ඩය කෝ යන ප්‍රශ්නයයි. ඇතැම්විට අස්ථාන ගතවන්නට ඇත. නැත්තම් මේක බහිරවයාගේ වැඩකි.

මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරීන් නිසා දැන් නැවතත් ඊ බේ අර්බුධයක් හටගැනීමට පටන්ගෙන තිබේ.
කුමක් හෝ හේතුවක් නිසා ඊ බේ වෙලෙන්දන්ගෙන් ලාංකික ගැනුම්කරුවන් කොන්වේ. තවත් ටික කාලයක් මෙය මෙලෙසම සිදුවුවහොත් ඊ බේ ඉබේ නතරවනු ඇත.


අචිර ලියනගේ

ආව ගිය තැන් මා හා














අළුත්ම අළුත් ආරංචියක් කියන්නයි දැන් මේ යන්නෙ මචං...ගාමිණි සුසිරවර්ධනව මතකයි නේද මචං ඔයාලට?මතක නැත්තෙ මොකද ළඟදි හිට් උන චතුක මදුරංග ලියපු මාධව හේවාවසම් සංගීතය කරපු දන්නවද මං දුකින් සිංදුව අනිවාර්යෙන් ඔයාගෙ මතකෙට ආව නේද?අන්න ඒ සුසංයෝගයෙන් කරපු ඊටත් වඩා සුපර් හිට් සිංදුව ගැන තමයි මේ කියන්න යන්නෙ....ආව ගිය තැන් මා හා....අන්න ඒක තමයි මචං අලුත්ම සිංදුව.....
මේක අමුතුම තාලයේ කතාවක්....දන්නවනෙ වෙනසක් එක්කනෙ අපි ඔයාලා ගාවට ආවේ.... අමුතුම තාලයේ හදවතටම කතා කරන සිංදුවක් මේක...
එහෙනම් ආව ගිය තැන් මා හා සුපර් හිට් සිංදුවත් එක්ක සෙට්වෙමු මචං...ඇත්තටම දැනෙනවා මචං..
වෙනස්ම වෙනස් රූපමය අත්දැකීම බෙදා ගන්න එකතු වෙන්න අපේ You Tube channel එකත් එක්ක..

බෝනික්කා






මම ඒ වෙලාවේ සාප්පු සංකීර්ණයේ අරමුණක් නැතිව ඇවිද යමින් හිටියේ.හදිසියේම මම දැක්කා එක් සාප්පුවක මුදල් අයකැමිවරයෙක් වයස අවුරුදු 5ක් හෝ 6ක් පමන වෙන පිරිමි දරුවෙක් සමග කතා කරමින් සිටින ආකාරය.මුදල් අයකැමිවරයා කුඩා පිරිමි දරුවට මෙහෙම කියනවා,
"සමාවෙන්න බබෝ...ඔයා ලග තියන සල්ලි මේ බෝනික්කව ගන්න මදි"
මෙවෙලේ හදිසියේම මගේ පැත්තට හැරුණු පිරිමි ළමයා
"අංකල් බලන්නකෝ මගේ ලග තියන සල්ලි අර බෝනික්කව ගන්න මදිද කියලා" මගෙන් ඇහුවා.
ඔහුගේ අතේ තිබුනු සල්ලි ගැනලා බලපු මම මෙහෙම කිව්වා
"ඒ අංකල් කියපු දේ හරි බබෝ ඔයා ලග මේ බෝනික්කව ගන්න සල්ලි නෑ"
මම කියපු දේ අහපු දරුවගේ මූන දුකින් මැලවුනත් අතේ තිබුනු බෝනික්කව අත්නොහැරිය ඔහු මගේ දිහාත් සාප්පුවේ මුදල් අයකැමිවරයා දිහාත් මාරුවෙන් මාරුවට අසරණ විදියට බැලුවා.අවසානයේ දරුවාට කිට්ටු වුන මම ඔහුගෙන් ඇහුවේ මේ බෝනික්කව මිලදී අරගෙන දෙන්න බලාපොරොත්තු වෙන්නේ කාටද කියලයි.
"මේ මගේ නංගි ගොඩාක්ම ආස කරපු බෝනික්කා...එයා හැමදාම මේ බෝනික්කව ඕනේ කියලා අම්මට කරදර කරනවා...මට මේ බෝනික්කව එයාගේ උපන් දිනේට තෑගි කරන්න ඕනේ" පිරිමි දරුවා දිගටම කතා කලා
"මට මේ බෝනික්කව අම්මට දෙන්න ඕනේ,එතකොට අම්මා එහාට ගිහාම මේ බෝනික්කව නංගිට දෙන්න පුලුවනි"මෙහෙම කියනකොට ඔහුගේ මුහුන දුකින් මැලවුනා
"මගේ නංගි දිව්‍යලෝකෙ ගිහිල්ලා ඉන්නේ...තාත්තා කිව්වා අම්මත් ලගදිම දිව්‍යලෝකේ යනවා කියලා.ඉතින් මම මේ බෝනික්කව අම්මට දුන්නොත් අම්මා නංගිට ගිහින් දේවි"
මගේ හදවත මොහොතකට නැවතුනා,පිරිමි දරුවා දිගටම කතා කලා.
"මම තාත්තට කිව්වා අම්මට දැන්ම දිව්‍යලෝකේ යන්න එපා කියන්න කියලා,ඒ නිසා මම බෝනික්කව අරගෙන එනකම් අම්මා බලාගෙන ඉදීවි "
ඉන්පසු කලිසම් සාක්කුවට අතදමා ඡායාරූපයක් ගත් ඔහු එය මට පෙන්නුවා,එම ඡායාරූපය ඔහුගේම එකක්.
"මම අම්මට මේ ෆොටෝ එකත් ගෙනියන්න දෙනවා,එතකොට නංගිට කවදාවත් මාව අමතක වෙන එකක් නෑ. මම අම්මට ගොඩක් ආදරෙයි,මම කැමති නෑ අම්මා මාව දාලා දිව්‍යලෝකේ යනවට,ඒත් තාත්තා කියනවා නංගි ලගට අම්මා ඉක්මනටම යන්න ඕනේ කියලා" පැවසූ ඔහු යලිත් දුක්බර ඇස් වලින් බෝනික්කා දිහා බලාගෙන හිටියා.
ඉක්මනින් මගේ පසුම්බියෙන් බෝනික්කා මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අතට ගත් මම
"අපි ආපහු ඔයා ලග තියන සල්ලි ගැනලා බලමු බබෝ සමහර විට කලින් අපට වැරදුනාද දන්නේ නෑනේ" පැවසුවා
"හා අංකල්...මම හිතන්නේ මගේ ලග තියන සල්ලි ඇති "පැවසූ ඔහු එම මුදල් මට ලබා දුන් අතර ඔහුට නොදැනෙන ලෙස මගේ මුදල් එයට එකතු කිරීමට මම වගබලා ගත්තා. නැවතත් එම මුදල් ඔහුත් සමග ගැන්න විට එහි අවශ්‍ය කරන ප්‍රමානයටත් වඩා මුදල් තිබූ අතර ඒ බව දුටු ඔහු සතුටින් ඉපිලුනා.
"මට දැන් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවනි...අම්මා ගොඩාක් ආසයි සුදු රෝස වලට" පැවසූ ඔහු බෝනික්කා මිලදී ගෙන අසල තිබූ මල් අලෙවි සැලක් වෙත ගියා.
මද වේලාවකින් මම යලිත් නිවස බලා පිටත් වූ අතර මොහොතකටවත් මගේ මතකය ඒ කුඩා පිරිමි දරුවාගෙන් මිදුනේ නෑ. හදිසියේම මගේ මතකයට පැමිනියේ දින දෙකකට කලින් ප්‍රාදේශීය පුවත්පතක පල වූ පුවතක්.එහි සදහන් වූයේ බීමත් රියදුරෙකුගේ ට්‍රක් රියක හැපී අනතුරට පත් වූ තරුණ මවක් සහ ඇගේ කුඩා දියණිය පිලිබද පුවතක්,අනතුර සිදු වූ ස්ථානයේදීම කුඩා දියණිය මියගොස් සිටි අතර තරුණ මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබුනා. පුවත්පතේ සදහන් වූ ආකාරයට ඒ වන විට ඇය ජීවත් වුනේ යන්ත්‍ර ආධාරයෙන්. ඔවුන් කුඩා පිරිමි දරුවාගේ මව සහ සොයුරිය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බව මට වැටහුනා.
තවත් දින දෙක තුනක් ගෙවී ගියා. කුඩා පිරිමි දරුවා සම්බන්ධ තවත් පුවතක් පත්‍රයේ පල වී තිබුනා,එහි සදහන් වී තිබුනේ පිරිමි දරුවාගේ මවගේ අභාවය පිලිබද දුක්බර පුවතයි. ඒ දුටු මට ඇගේ අවමගුලට සහභාගී නොවී සිටීමට නොහැකි වුනා,සුදු රෝස මල් කලබක් රැගෙන මම එයට සහභාගී වුනා.
ඇගේ දේහය මිනී පෙට්ටියක තැන්පත් කර තිබූ අතර ඇයගේ පපුව මත සුදු රෝස මලක් තිබුනා,මිනී පෙට්ටියේ පසෙකින් තිබුනේ කුඩා පිරිමි දරුවා තම සොයුරිය වෙනුවෙන් මිලදී ගත් බෝනික්කා සහ ඔහුගේ ඡායාරූපයයි. කදුලු පිරුනු දෙනෙතින් මම එම ස්ථානයෙන් පිට වූ අතර එම කුඩා පිරිමි දරුවා ජීවිතය පිලිබද වූ මගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරවීමට හේතු වූවා.
තම මව සහ කුඩා සොයුරිය වෙනුවෙන් ඔහු තුල වූ අප්‍රමාන සෙනෙහස අද වන තෙක් මට සිතා ගැනීමට අපහසුයි. නමුත් එක් ක්‍ෂණයකින් බීමත් රියෙදුරෙකු ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන තිබෙනවා.
කෙදිනකවත් බීමත්ව රිය පදවන්න එපා!!!
1. බීමතින්,නොසැලකිලිමත් ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීමට පෙර දෙවරක් සිතා බලන්න
2. කතාව හදවතට දැනුනා නම් මෙය SHARE කරන්න

එදා මෙදාතුර







දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය
පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි
මහත්මයාට දීලා කියල තියෙනව
"මහත්තයෝ මේ මම ලියන අන්තිම
සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ
නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" කියල...
සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය
කියවල අහනවා
"ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල.
පිලිතුර වෙන්නෙ
"ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්.
ජීවිතෙ මොන ප්රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය
පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ
තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...
ප්‍රෙමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න
ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිඵලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ
ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....
ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක්
තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු
ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ
කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල.
ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..!
තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව
දක්වන්න වෙන්නෙ
තාමගෙම ආදරණීය පෙම්වතියට.
ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය
තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...



එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..


--------------------විද්වනී ප්‍රීති දර්ශිකා---------------

සුගතෙ





"සෝමෙ අයියේ වරෝ විගහට විහාර ගේ කඩලා"

ඕප දූපයට වඩා ජීවිතයක් නොතිබූ ගුණදාස මාම මෙදා පාර කිව්ව දේට මගෙ හිත විතරක් නෙමෙයි ගතත් වෙවුලුම් දුන්නෙ ඉබේටම වගේ...

"මොකාද යකෝ ඔය නොහොබිනා වැඩේ කරපු අසමජ්ජාතියා"

අප්පච්චිගෙ කටහඬේ තිබුණෙ කියාගන්ඩ බැරි තරමෙ ආවේගයක්...සිරියා නැන්දගෙ දූට මම කොලොප්පම් කරපු දවසටත් වඩා අප්පච්චිට තරහ ගිහිල්ලා..

"මොකක් කිව්වා"

ආච්චිටත් කතාවට එක්කහු වෙන්ඩ උවමනාවක් තිබුණත් විගහට බැනියමක් දාගත්ත අප්පච්චි ගුණදාස මාම එක්ක පන්සල පැත්තට ගියේ මහා හදිස්සියකින්..

"උඹ මොකෝ ලමිස්සි වගේ ගෙට වෙලා ඉන්නෙ...ගොහින් බලල වරෙන් මොකක්ද උනේ කියලවත්"

අපෙ අම්මගෙ වචන ටික ඇහුන සුනන්ගුවෙන් මම හිටියෙ පන්සල් වත්තෙ..

විභාගෙට තියෙන්නෙ දවස් විස්සක් විතර..රජයෙ ලිපිකරුවෙක් උන අප්පච්චිට මගෙ ඉගෙනීම ගෙන ලොකු උනන්දුවක් තිබුණත් කවදාවත් ඉස්කෝලෙ ගිහින් නැති අපෙ අම්මට නම් ඉගෙනීමෙ මහ ලොකු වැදගැම්මක් පෙණුනෙම නෑ..

පන්සල් වත්ත එකම හිස් ගොඩක්..තැන තැන එක්කහු වෙච්චි මිනිස්සු කතා කරනවා නෙමෙයි කෑ ගහනවා...හරියට බදාදා පොල වගේ.අපෙ අප්පච්චි නම් හාමුදුරුවෝ බැහැ දකින්ඩ ගිහින් ඇති..

සුදා එක්ක විජේ වැට අයිනෙ එඬරු බෝල පිඹ පිඹ ඉන්නවා..උන් දෙන්න තමයි මගෙ පන්තියේ හොඳම යාළුවෝ..ආහ් තව එකෙක් ඉන්නවා..නෑ හිටියා..සුගතෙ..ඌ තමයි අපෙ පන්තියේ හිටිය දක්ෂම එකා..සුගතෙ පොඩි කාලෙම උගෙ අප්පච්චි වෙන ගෑණියෙක් එක්ක යන්ඩ ගියා..සිරියා නැන්දත් මාස හයකට විතර උඩදි නයෙක් ගහල මැරිල ගියා...දැන් සුගතෙ ඉන්නෙ සීයා ගාව..රා මදින්ඩ සීය එක්ක යනව මිසක් විභාගෙට දැම්මත් ආයෙ සුගතෙ ඉස්කෝලෙ ආවෙ නෑ...ආයෙ ඉගෙන ගන්ඩ තරම් හයියක් වත්කමක් සුගතෙට තිබුණෙ නෑ..උට උදව් කරන්ඩ තරම් හයියක් අපිට තිබුණෙත් නෑ..පව් අසරණය..

පොල් ගහකට හේත්තු වෙලා හීන ලෝකෙක හිටිය මගෙ දැහැන බින්ඳෙ අප්පච්චිගෙ කටහඬ

"වර යන්ඩ ගෙදර,උඹටත් පොතෙන් පිට පැනල ඉන්ඩ තියෙනවනම් ඒට වඩා වෙන දෙයක් නෑ නේද"

අප්පච්චි ඇහුවෙ ප්රශ්නයක් උනත් ඒකට උත්තරයක් නම් බලාපොරොත්තු උනේ නෑ.

"මොකද අප්පච්චි වෙලා තියෙන්නෙ"

"පින් කැටේ කඩලා බන්..දෙදාහක් විතර තියෙන්ට ඇති කියල කියන්නෙ..අනේ මොකා උනත් හෙණ ගහනව උට"

"හ්ම්"

ඇත්තටම මොකා කරපු වැඩක්ද කියල මට නම් හිතා ගන්ඩ බෑ..අපෙ ගමේ පන්සල කඩන හොරෙක් නම් ඉන්ඩ විදියක් නෑ...ලොකු හාමුදුරුවන්ට ඔක්කොම බයයි ගරු කරනවා...

දවස් දහයක් විතර ගෙවෙන්ඩ ඇති..හොරෙක් නම් අහු උණේ නෑ..මිනිස්සුන්ටත් ඒ සිද්ධිය ටිකෙන් ටික අමතක උනා..ඒ අස්සෙ අප්පච්චි හම්බෙන්ඩ දවසක ආව ගුරුන්නාන්සෙ මාම ගුරුකමක් ගෙන කතා වෙනවා මට ඇහුණෙ යාන්තමට වගේ..

"ආයෙ දෙකක් නෑ මහත්තයො..සතියක් යන්ට කලින් හොරා වල කජ්ජ ගහනවා හිටි හැටියෙ ඕන් බලහන්කො"

අප්පච්චිත් ගුරු කමට උඩින්ම කැමති උනු විත්තිය මට කතා බහෙන්ම තේරුම් ගියා..ඇත්තටම ඔහොම දෙයක් කරපු එකෙක් මැරෙන්ඩම ඕනැ..මටත් හිතුණෙ ඒ ටිකමයි..

හරියටම ගෙවුණෙ දවස් තුනයි.....වැඩ ඇරිල ගෙදරට ගොඩ වෙන අප්පච්චිගෙ මූණ අඳුරු වෙලා..මහ හයියෙන් හුස්ම ගන්න අප්පච්චි හාන්සි පුටුවෙ වාඩි උනා..

"වතුර එකක් ගෙනෙන්කො බොන්ඩ"

මම වතුර එකක් ගිහින් දුන්නෙ විදුලි වේගෙන්..අප්පච්චි වතුර වීදුරුව බීල ඉවර කරන්ඩ මහා වෙලාවක් ගියා වගෙයි දැනුණෙ..

"පින් කැටේ කැඩුව උන් මක බෑවිලා"

"ඒ මොක්කුද"

ඔක්කොටම කලියෙන් ඇහුවෙ ආච්චි..

"ගුණදාසයා මැරිලා..උගෙ ගෙදර තිබිලා එකදාස් පන්සීයක් හම්බෙලාලු..අසමජ්ජාතියා ඕකමනෙ මට කිව්වෙත් පන්සල කඩල කියල..අජාසත්තයාට හොඳම වැඩේ.."

අප්පච්චි කියෝගෙන යනව..ඒත් එතකොට අනිත් උන්..

"අප්පච්චි එතකොට අනිත් උන්"

"අනිත් උන් නෙමේ...එකයි බන්...උඹලගෙ වයසෙ එකෙක්ලු..සුගතෙද මොකාදො උඹෙ පන්තියේ එකෙක්ලු..ඕක කරන දේවල් වලට වෙන්ඩැති අම්ම අප්පත් නැති උනේ"

අප්පච්චි කාමරේ පැත්තට ගියේ කලකිරුණු මූණකින්..

සුගතෙ හොඳ එකා...ඇයි ඌ පින් කැටේ කැඩුවෙ...මට ඒක හිතා ගන්ඩම බැරි උනා...ඒකට උත්තරේ මට ඊගාවින් දවසෙම හම්බුනා.....

"සුගතෙගෙ මිනිය තියන්ඩ පැල අස් කරද්දි අලුත් සුදු ඇඳුමක් හම්බෙලාලු.ටවුමෙ ටේලර් කඩේක බිල් කඩදාසියක් එක්ක..හයසීයක්ලු බිල එතෙන්ට"

මිනිස්සු කතා වෙනවා මට යාන්තමට වගේ ඇහුණා..

"සුගත් කොලුවා හයසීයයිලු අරන් තියෙන්නෙ...පස්සෙ එතෙන්ට ආව ගුණදාසයා ඉතුරු සල්ලි ඔක්කොම අරන් සීරුවට මාරු වෙලාලු"

මළ ගෙදර ගිහින් ආව අප්පච්චි දරා ගන්ඩ බැරි තරම් දුකකින් කියද්දි මට හිතුණෙ එක දෙයයි..

සුගතෙ හොඳ එකා.....



:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::සිමෙත් කවීජ::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන








2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල...
අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙපේරාදෙණිය සරසවයේ. ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්.
පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා...
කාඩ් එක තමා බොනපාට්...
මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....
ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් ගැන සරලවම කියනවනම් ගොඩක්ම සංවේදී... හොඳම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව....)
පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව...
එය තමයි සොබනි.
ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....
යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි භාෂාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....
මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....
නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා....
හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....
නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ මවවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....
ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....
උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....
ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....
මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල.... ‍
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම



රචකයා කවුදැයි කියා නොදන්නෙමු....ඉතින් මෙවන් නිර්මාණයක් බිහි කළ ඒ කළාකාමියාට ස්තුති කිරීමට කැමැත්තෙමු....

අරක්කු = මගෙ ආදරය
















එක දවසක් ඔයා ඇවිත් මගෙ හිත ඉල්ලුවම මං ඒක හිතෙන් ඇහුව...ඔයාව බලාගන්න මෙන්න එක්කෙනෙක් ඉල්ලනව.හිත නම් එච්චරටම කැමති උනේ නෑ...මගෙ අහිංසක හිත හොඳටම කළබල වෙලා...එයාට බයයිලු එයාව පරිස්සම් කරන්නෙ නැති වෙයි කියල...ඒත් මම ඔයාට හිත දුන්නා...හිතට ටිකක් දුක හිතෙන්න ඇති ඔයාට එයාව දුන්නාම...ඒත් මං රළුවට පාවිච්චි කරපු හිත ඔයා හුඟාක් හුරතල් කළා..හිතටත් හරිම සතුටුයි...හැම දාම ඔයා ගාවම ඉන්නමයි හිත ලෑස්ති උනේ...මං මගෙ හිතට සැළකුවාට වඩා ගොඩාක් ආදරෙන් ඔයා මගෙ හිතට සැළකුවා..කොයි වෙලාවෙ බැලුවත් මගෙ හිතත් එක්කමයි...දාංගලේ...හිත හරිම සතුටින්...ඉතින් මාත් හරි සතුටින්....

ඒත් හදිස්සියේම දවසක ඔයා ඇවිත් මගෙ හිත ආයෙමත් මට දීලා යන්ඩ ගියා...මං කිව්වෙ නැති උනාට මම දැක්ක තව වෙන කාගෙද හිතක් ඔයා ගාව හොරෙන් තියන් ඉන්නව...ඒත් මං නොදැක්ක වගේ හිටිය..

එදා ඉඳන් හිත මාත් එක්කත් තරහ වෙලා..."ඔයා තමයි එයාට මාව දුන්නෙ" මට හොඳටම බැණුම්..ඒ මදිවට ඔයාවම හිතට ඕනලු..මං කියන කිසි දෙයක් අහන්නෙම නෑ...ආයෙ පුරුදු රළු පරළු විදියට හැදෙන්ඩ හිතට කිසිම උවමනාවක් නෑ..හැම තත්පරේකම හිත ඔයා ගැනමයි කියවන්නෙ...

මං බොහොම අමාරුවෙන් හිතට ඔයාව අමතක කරා..මං එයාට අලුත් යාළුවෙක්ව අඳුන්නලා දුන්නා...ඒත් එයාට හිටපු ගමන් ඔයාව ගොඩාක් මතක් වෙනවලු...ඔයා ගැන කියවනව නවත්තන්නෙම නැතුව එක පාරටම...

ලඟදි දවසක නම් හිත මගෙන් ඇහුව දේකට මට දෙන්න උත්තරයක් හිතා ගන්නවත් බැරි උනා..

"ඉස්සර ආදරවන්තයා කිව්ව ඔයාට ඇයි දැන් මිනිස්සු බේබද්දා කියන්නෙ?ඒ මං හින්ද්ද?"

නෑ නෑ ඒ එයා හින්දා........

----සිමෙත් කවීජ----

http://www.machan.io/

https://www.facebook.com/machanradio

අප්පච්චි





මිනිසුන් ඒ මේ අත යති..මා දැක ඈත් වෙති...සමහරු පරිභව කරති...තව උන් හිනැහෙති...මම  උන් දෙස බලා කල්පනා කරමි....

ඈ නිසංසලය..ශාන්තය...හුරුබුහුටිය...නිරතුරු සිනහවකින් මුව සරසන්නීය...කොටින්ම ඈ දකිනා ඕනෑම පිරිමියෙක් හට ඈ ගැන ආදරයක් සිතෙනා තරමට ඇය සිත්කළුය.ඈ දහ හත් හැවිරිදිය..නමින් නිෂාදීය.මා මේ තරම් වර්ණනා කරන්නේ කා ගැන දැයි පාඨක ඔබ මගෙන් විමසනු ඇත...ඊට මත්තෙන් මා ගැන බිඳක් පවසනු කැමැත්තෙමි...මම රජයේ උප ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙක්මි..නමින් සුදත් මහානාම වෙමි...හතලිස් පස් හැවිරිදි මා එක්දරු පියෙක්මි...ඉහත මා වර්ණනා කළ යුවතියට මම පණ මෙන් ආදරය කරමි...වරදවා නොසිතන්න...ඇය මාගේ දියණියයි...

බහ තෝරන සන්ධියේ ඇගේ මුවින් අප්පච්චි යැයි මුලින්ම තෙපළුු දිනය අද ඊයේ වාගේය...ඇය ඉපදුණු දා සිටම මා බිරිඳගේ මගේ මුළු ලොවම වූයේ ඇයයි...එහි මහ ලොකු පුදුමයක්ද නැත...දෙමාපියන්ට තම දරුවා ලෝකයම වන්නේය...

පෙර සඳහන් කරන්නට අමතක වූ දෙයක් සටහන් කරන්නට පාඨක ඔබෙන් සමාව ඉල්ලා අවසර පතමි...මාගේ බිරිඳ ගැන හාංකවිසියක් වත් ඔබට කියන්නට ඇත්තටම මට අමතක වූවා නොවේ..ඇයව අමතක කරන්නට මට සිදුවී ඇත...

ඇය දර්ශනී ය..නමටම ගැළපෙන්නාවූ රූප සෞන්දාර්යයකින් ඇය පොහොසත්ය...තිස් හත් වියට එළඹ ඇති මුත් ඇගේ තරුණ රුවෙහි කිසිඳු වැහැරීමක් දක්නට නැත...ඇත්තෙන්ම මාගේ දියණිය තරමටම නැතත් ඊට ආසන්න රූප සෝභාවක් ඇයට උරුමව ඇත..

මා එකළ සේවය කළ පාසලට දර්ශනී පැමිණියේ පුහුණු ගුරුවරියක් ලෙසය..මුලින් මුලින් ඇතිවූ හිතවත්කම පෙම්වන්තකම කට පෙරලී යද්දී එයට විරුද්ධ වූයෙක් නොමැති තරම්ය...මගේ අම්මාත් ඈගේ අම්මාත් තාත්තාත් එකහෙලා අපට ආශිර්වාද කළෝය...ඇය මට මුණ ගැසී තුන් මසකින් ඈගේත් මාගේත් විවාහය සිදුවිය..ඇත්තෙන්ම දර්ශනීට ඉකමනින්ම මගේ වීමට ආසාවක් තිබිණි...ඉඳින් මමද ඇයව ඉක්මනින්ම මගේ ප්‍රියම්බිකාව කරගන්නට නොඉවසිල්ලෙන්ම සිටියෙමි...

එයින් ටික කළකට පසුව අපේ ලොව එළිය කෙරූ දියණිය මෙලොව එළිය දුටුවාය...

ඒ මා ගතකළ සුන්දර අතීතයේ සිදුවීම්ය...

ආදරය නම් තිරයෙන් මගේ ජීවිතය වැසී තිබුණා දැයි දැන් මට දැනෙයි.සිතෙයි...මීට අවුරුද්දකට පමණ මත්තෙන් එතෙක් මගේ හෙවණැල්ල මෙන් උන් බිරිඳ ටිකෙන් ටික වෙනස් වනු මට හැඟුණි...ඇයව අවිශ්වාස කරන්නට ගත් මුල් කාලයේ මම මටම සාප කරගතිමි...ඇය ඒ තරමටම ගුණවත් බිරිඳක වී සිටියාය...අවසානයේ ඇයගේ අලුත උපන් ආදරය හෙලිදරව් කරගැනීමට මම සමත් වීමි...

දියණිය ගැන කියා ඇයව යහ මඟට ගන්නට මා නොගත් උත්සාහයක් නැත..ඇය ජයග්‍රාහිකාව කරමින්  සෑම උත්සාහයකින්ම මම පරාජිතයාම වීමි...

අවසානයේ දර්ශනිය මා දියණියද රැගෙන තහනම් ආදරය සොයා ගියාය...

හදා ගත් මුළු ලොවම දෙපා පාමුල ඇද වැටෙද්දී ආයාසයෙන් දර්ශනියගේ දර්ශනය ජීවිත සිත්තමෙන් මකා දැමුවද ලෙයින් මසින් උපන් මා දියණිය අමතක කළ නොහැක්කේය.

පිපෙන්නට ළං වූ මගේ කැකුළිය නන්නාඳුනන පිරිමියෙක් ඇසුරෙහි හැදෙන්නට වැදෙන්නට දෙන්නට තරම් මට සිත හදා ගත නොහැකි තැන දික්කසාදය සහ දියණිය මා භාරයට ගැනීමට මම නීතිය සරණ ගියෙමි...

දික්කසාදය නම් මුලින්ම ලැබුණි...එක් පියවරක් දිනාගත් හැඟීමක් සිත් තුළ ඇති වුවද අධිකරණයේ තීරණයෙන් දියණිය ඈගේ භාරකාරත්වයට පැවරුණි...

උසාවියේදී මට අවාසි වන සේ තීන්දුව ලැබුණේ මාගේ නොසැලිකිලිමත්කම නිසා බැව් නීතිඥ්ඥ මහතාගේ අදහසයි..දර්ශනී බොරු එකින් එක ගොතා මට පහර ගසද්දී ඇගේ නව සහකරු ඔච්චමට මට සිනාසෙද්දී මට කතා කරගත නොහැකි විය...විසි අවුරුද්දකට ආසන්න කාලයක් මගේ ජීවන සහකාරිය වූ ඇයට චෝදනා කරන්නට අදද මට සිතෙන්නේ නැත...දර්ශනියගේ නව පෙම්වතා කුඩා කළ ඇගේ මිතුරෙකු බවත් බොහෝ කාලයක් එංගලන්තයේ වාසය කළ අයෙකු බවත් මට දැන ගන්නට ලැබුණි..ඔහුගේ  හා දර්ශනීගේ සම්බන්ධය ගැන කිසිත් අධිකරණයට නොකී නිසා තව තවත් අසරණ වූයේද අහිංසක මාය..

ද්වේශ සහගත ලෙස හැර යාමේ වරදට වරදකරු වූ මා විසින් ඇයට මාස් පතා රුපියල් විසි දහසක වන්දියක් ගෙවිය යුතු බවට අවසානයේදී තීන්දු විය.මේ කිසිත් කම් නැත..හිඟා කමින් හෝ වන්දි ගෙවිය හැක්කේය..

එහෙත් මගේ දියණිය අතැර මා සැනසෙන්නේ කෙසේද?

මගේ දියණිය අවසානයේදී මා දුටුවේ වන්දි මුදල් ලබාදීම සඳහා ඩී එන් ඒ පරික්ෂණයකින් ඇය මගේ දියණිය බවට තහවුරු කරගැනීමට පරික්ෂණාගරයට ගිය විටදීය..

"
අප්පච්චි මට ඔයා ගාව ඉන්න ඕනෙ"

ඈ හඬමින් කෑ ගසද්දී මා නොහඬා සුසුම් හෙළිමි..ඈ වැඩියෙන්ම ලැදි මටය..තවද ඇය මවගේ වැරැදිද දනී..නමුදු උසාවිය නීතිය අන්ධය..

අනේ මට තවත් දරුවෙක් සිටියා නම් ඒ දරුවා මට නීතියෙන් හිමි වනු ඇත..එහෙත් තව දරුවෙක් මගේ ලෝකයට නාවේද ඈගේ අකැමැත්ත මතය..දැන් කරන්නට දෙයක් ඉතුරු වී නැත්තේය..

මා අවසනායටම වේදනාවක් දරාගත්තේ ඒ දවසේදීය...

මා සතු සියල්ලම අහිමි වී ඇත්තේය..මාගේ බිරිඳ මාගේ දියණිය අවසාන නඩු වරයෙන් පසුව යළි මා සමීපයට නො එනු ඇත...නමුදු අනාගත දවසක හෝ දියණිය මා සොයා එන බැව් මා සිත දනී.ඔව් ඈ මට ආදරේ කරයි..එනිසා එදිනද මම එකම එක බලාපොරොත්තුවකින් යුතුව ජීවත් උනෙමි...

අවසන් නඩු වාර දිනය ඒ කවදාද මට මතකයක් නැත...නමුදු සිදු වූ දෙය අද වාගේ මගේ මතකයේ සදාකාලිකවම සටහන්ව පවතී...

මා විසින් මාස් පතා බිරිඳට ලබා දිය යුතු වූ වන්දි මුදල අහෝසි කර දැමීමට උසවිය තීන්දු දුන්නේය...

විනිසුරුවරයාගේ ඒ කටහඬ ඒ ස්වරය මට තවම මතකය....

"සුදත් මහානාමගේ සහ නිෂාදි මහානාමගේ ඩී එන් ඒ පරික්ෂාවෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර කිසිඳු ජානමය සම්බන්ධයක් නොමැති බවට ආදාල ආයතනය විසින් තහවුරු කර ඇති හෙයින් පෙර කී වන්දි මුදල් ගෙවීම ගරු අධිකරණය විසින් අවලංගු කරන අතර............."

ඉන්මත්තට කුමක් වීද මා නොදනී...උසාවි බිමෙන් පිටවී යන මොහොතේ කව්දෝ මෙසේ කියනු මට ඇසුණි...

"ඒ ගෑනියි මිනිහයි කලින් යාලුවෙලා ඉඳලලු ඔය මිනිහ රට ගියේ...ළමය හම්බෙන්ඩ හිටිය හින්දලු අර මිනිහව බැඳල තියෙන්නෙ.අනේ මෙහෙමත් ගැණු...."


"පිස්සෙක් පිස්සෙක්..මොන කරුමයක්ද මන්දා අපිටත් එනව වද දෙන්ඩ මෙතන ඇවිත්...."
ගැහැණියක් මා එළවන්නට වෙර දරයි....මා උම්මත්තක නැති බව මම දනිමි...එහෙත් මිනිසුන් මා උම්මත්තකයෙකු ලෙස හංවඩු ගසා ඇත.

දියණියගේ සේයාවක් ඈත කොනකින් කෙදිනක හෝ මතු වෙන තුරා ජීවත් වීමේ අටියෙන් තවමත් මම උම්මත්තකයන් රැළක් මැද මිනිසෙකු ලෙස ජීවත් වෙමි...

::::::::::::::සිමෙත් කවීජ:::::::::

තෑගි මචං







ඔන්න අපි කිව්ව විදියටම වෙනසක් කරන්නයි මේ සූදානම...උදේ ඉඳන් බුකියට වෙලා හිටියා කියලා මෙච්චර කල් ලැබුණ දෙයක් නෑ නේද මචං...ඉතින් අපි ලෑස්ති ඒක ටික වෙනස් කරන්නයි.....අපි එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට අපි ගානෙ රුපියල් 100 ක් රීලෝඩ් එකක් දෙන්නයි අපේ මේ සූදානම..කවුද අකමැති නැද්ද මචං...කියව කියව ඉන්නෙ නැතුව සල්ලි හම්බෙන්නෙ කොහොමද කියල කිව්වනම් කියලා ඔයාලා දැන් හිතනවා ඇති.....ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු...කරන්න තියෙන්නෙ මෙච්චරයි..

ඔයා දැකලා තියෙනව නේද අපි මචං Face Book පිටුවෙ පළකරන පින්තූර....අන්න ඒ පින්තූරත් එක්ක මේ දැන් ඉඳන් අංකයකුත් එනවා...ඒ වෙන මොකවත් නෙමෙයි Phone කාර්ඩ් එකක pin number එකින් එක...ඔයාට තියෙන්නෙ ඒ පින් අංක ටික එකතු කරලා අංක ඔක්කොම සම්පූර්ණ කරලා 100ක් දිනා ගන්න එක විතරයි...ජයග්‍රහණය කරන කෙනාට අපි තව වාසියක් දෙනවා..ඒක නම් තාම රහසක් wink emoticon.....හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා...ඒ පින්තූර වලට ඔයාගෙ LIKE එකක් තියෙන්නම ඕනෙ....ආහ් තව එකක්....ඔයා ඒ පින්තූර Share කරලා තිබුණොත් නම් මචං කල්ල මරේ..අපි අපි ගානෙ ඔයාට තවත් රීලෝඩ් එකක් ඒ වෙලාවෙම ලබා දෙනවා....එහෙනම් මොකද කියන්නෙ මචං....යං අපි එක්ක...ඇත්තටම දැනෙනවා මචං...

http://machanradio.blogspot.com/
http://www.fb.com/groups/machanyoutube
http://www.machan.io/
මෙන්න මචං පළවෙනි පින්තූරය.


ඔයා දැකලා තියෙනව නේද අපි මචං Face Book පිටුවෙ පළකරන පින්තූර....අන්න ඒ පින්තූරත් එක්ක මේ දැන් ඉඳන් අංකයකුත් එනවා...ඒ වෙන මොකවත් නෙමෙයි Phone කාර්ඩ් එකක pin number එකින් එක...ඔයාට තියෙන්නෙ ඒ පින් අංක ටික එකතු කරලා අංක ඔක්කොම සම්පූර්ණ කරලා 100ක් දිනා ගන්න එක විතරයි...ජයග්‍රහණය කරන කෙනාට අපි තව වාසියක් දෙනවා..ඒක නම් තාම රහසක් wink emoticon.....හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා...ඒ පින්තූර වලට ඔයාගෙ LIKE එකක් තියෙන්නම ඕනෙ....ආහ් තව එකක්....ඔයා ඒ පින්තූර Share කරලා තිබුණොත් නම් මචං කල්ල මරේ..අපි අපි ගානෙ ඔයාට තවත් රීලෝඩ් එකක් ඒ වෙලාවෙම ලබා දෙනවා....එහෙනම් මොකද කියන්නෙ මචං....යං අපි එක්ක...ඇත්තටම දැනෙනවා මචං...

http://machanradio.blogspot.com/
http://www.fb.com/groups/machanyoutube
http://www.machan.io/
මෙන්න මචං පළවෙනි පින්තූරය.